ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ නගරයේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය පුස්වෙඩිල්ලක් වූ බවත් එය රාජපක්ෂ කල්ලියේ දේශපාලන මිනී වළ සියතින්ම කපාගැනීමක් වූ බවත් ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ මෙම ව්‍යාජ 'ජනබල' සංදර්ශනය සඳහා සැලසුම් සකස් කෙරුණේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට අදාළ නීති පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේම බවයි.
ඔවුන්ගේ එකම අරමුණ වූයේ පැකට්, මුදල් හෝ මත්පැන් හැකිතාක් ලබා දී, ලංකාවේ සතර දිග් භාගයෙන්ම සිය ආධාරකරුවන් කොළඹට ගෙන්වා, තමන්ට ජනබලයක් ඇතැයි පෙන්වා කෙසේ හෝ තමන්ට එරෙහි දූෂණ වංචා නඩුවල තීන්දු ප්‍රමාද කර ගැනීම බව ද රත්නායක මහතා සඳහන් කළේ ය.
කෙසේ වුණත් රැළිය ආරම්භ වීමටත් පපෙර සුරා මතින් පාරේ වැටී සිටී පොහොට්ටු ආධාරකරුවන්ට පිහිටට ආවේ ද ඔවුන් මෙයට පෙර විරෝධය පෑ සුවසැරිය ගිලන් රථ සේවය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
