පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි - වාසු
රුපියලේ කඩා වැටීම පාලනය කිරීමට නම් ලංකාවට ඩොලර් පැමිණීම වර්ධනය කළ යුතු බව අමාත්‍ය වාසු දේව නානායක්කාර මහතා පවසයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එසේම රටින් ඩොලර් පිටවීම පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් සුරකුම්පත්වල ආයෝජනය කර ඇති ඩොලර් ඉවත් කරගෙන යන බවත් එය පාලනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. පෞද්ගලිකව කරන ලබන ආයනය සීමා කිරිමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම ඊට පෙර මාසය හා සසඳා බැලීමේදී අඩුවී ඇති බවත් ඔහු පැවැසීය.
“පුංචි කාර් ගෙන්වා අවසන්. ගෙන්වන්න අවශ්‍යතාවක් නැති තරමට වුවමනා කට්ටිය ගෙන්වා අවසන්. අපි කියන්නේ ලොකු කාර් හා මැද ප්‍රමාණය කාර් ගෙන්වන අයට බදු වැඩි කළ යුතුයි.
පුංචි කාර් ගෙන්වන අයට බදු අඩු කළ යුතුයි. නමුත් අපි මේ ඉන්න භාර කාර ආණ්ඩුව යටතේ පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි. මොකද අපි මේ ඉන්න ගැටලුත් එක්ක.”
popular news
-
Damith Wednesday, 28 November 2018 03:55 PM
එහෙමනම් පහුගිය දවස් වල මැරෙන්න හැදුවේ
Reply : 0 11
Champa Thursday, 29 November 2018 01:31 AM
පුංචි කාර් ලැබුනද ----- මල්ලිට දැන් සැපයිද! මහවිරු දැන් හොඳයිද --- ඊළඟ එක කොළොඹද!
Reply : 0 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
