පිළිකා ඖෂධ 23ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය කරයි
අධි මිළ පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේසැප්තැම්බර් 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ මිල නියාමනය කර ඇත.
පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර ඇති අතර තවත් තෝරා ගත් ඖෂධ 13 කට උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවලට භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවලටද උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
තෝරා ගත් ඖෂධ වර්ග 13 තුළ ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සඳහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ, අපස්මාර රෝග ඖෂධ, කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සඳහා භාවිතා කරන ඖෂධ ඇත.
මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය පසුගියදා (31දා) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
