පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිලදී ගැනීමට දිගුකාලීන කොන්ත්‍රාත්තු වලට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ප්රශස්ත මට්ටමක ඛනිජ තෙල් තොග පවත්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව 2018 සැප්තැම්බර් 01 දින සිට 2019 ජුනි 30 දින දක්වා මාස දහයක (10) කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිලදී ගැනීමට දිගුකාලීන කොන්ත්‍රාත්තු 02කට එළඹීමට නියමිතය.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‘යේ M/s Gulf Pertrochem FZC ආයතනය වෙත එම ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට වන ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිරිනැමීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
