පියා දරු දෙදෙනාත් සමග දුම්රියට පැන දිවි නසාගනියි
පොලොන්නරුව වැලිකන්ද ප්රදේශයෙදි ඊයේ (10දා) පස්වරු 7.30 පමණ මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන පියෙකු විසින් සිය දරු දෙදෙනාත් සමග සිය දිවි හානි කරගෙන ඇති බව වැලිකන්ද පොලීසිය කියයි.
මෙසේ මියගොස් විජේසුරිය (40) විදත් සන්සිදු (හතර හමාරයි) සංදය සඳරුවන් (11) යන අයයි. මියගිය පුද්ගලයා සහ දරුවන් දෙදෙනා ඊයේ වැලිකන්ද පොලීසියට පැමිණ තම බිරිඳ මාස කිපයක සිට නිවසින් බැහැරව ගොස් කොළඹ ප්රදේශයේ තම වැඩිමහල් පුතා සමග රැකියාවක නිරත වන බව පවසා තිබේ.
ඇය නිවසට නොපැමිණි සිටින නිසා නිවසට පැමිණිමට කටයුතු සිදු කරන ලෙස ඉල්ලා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම කාන්තාවට දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමෙන් පසුව ඇය පවසා ඇත්තේ මාසයේ පැමිණෙන බවයි.
ඒ බව පැමිණිලිකරුට දැනුම් දිමෙන් පසු දරු දෙදෙනාත් සමග පොලිසියෙන් පිටව ගිය බවත් පවුලේ වු ආරවුල හෙතුවෙන් පියා විසින් දරු දෙදෙනාත් රැගෙන දුමිරියට පැන සියදිව හානි කර ගන්නට ඇති බවට සැක කරන බවත් පොලීසිය පවසයි.
හිඟුරක්ගොඩ පියතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

