පැය 24කට හමුදාවෙන් 120ක් අත්අඩංගුවට
පැය 24ක කාලයක් තුළ සැකකටයුතු පුද්ගලයන් 120ක් පමණ යුද හමුදාව විසින් අත්අඩගුවට ගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවැසීය.
ආරක්ෂක තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ඔහු මේ බව පැවැසීය. මෙම මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාවේ 15000ක් පමණ ඒක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“පසුගිය පැය 48 ක කාලය තුල ත්‍රිවිධ හමුදාවන් විසින් 15000 කට ඉතා ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා තිබෙනවා. යුද්ධ හමුදාවෙන් පමණක් දසදහසකට මදක් වැඩියෙන් යොදවා තියෙනවා.
මේවන විට ඉදිරි සතියේ තිබෙන සමාජ ක්‍රියාකාරකම් ගැනද සලකා බලා තමයි මහජන ආරක්ෂාව සඳහා කටයුතු කරනු ලබන්නේ. ඒ අනුව ආරක්ෂාව තවදුරටත් වැඩි කිරිමට බලාපොරොත්තු වෙනවා
ගතවු පැය 24 ක කාලය තුළ සිදුකළ ක්‍රියාන්විත වලින් පුද්ගලයින් 120 ක් පමණ, පුපුරණ ද්‍රව්‍ය සාමාන්‍ය ප්‍රමාණයක්, ඩෙටනේටර් 89 ක් සහ කඩු කිහිපයක්, සංඥා උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසැල්, ආගමික ස්ථාන, සංචාරක හෝටල් ආදිය සඳහාද ආරක්ෂක වැඩ පිළිවෙල යොදා තිබෙනවා.
පුපුරණ ද්‍රව්‍ය වාහන 20 ක් උතුරට යන මාතෘකාව යටතේ පළවූ පුවතට අප එකඟ නැහැ. ආරක්ෂක විධිවිධාන යොදා ඇති නිසා කිසිවෙකු ඒ පිළිබදව කලබල විය යුතු නැහැ.”

popular news
-
Champa Monday, 06 May 2019 12:05 PM
ශ්‍රී ලංකා යුධ හමුදාව කරන මෙහෙවර හුගක් අගය කරනවා. මිනිස්සුන්ට සැනසුම් සුසුමක් ගන්න වත් හිතුනේ හමුදාව පාරට ආවට පස්සේ. ඇත්තටම කිව්වොත් විදේශීය රටවල් විසින් හසුරුවන දේශීය ත්‍රස්තවාදී සංවිධාන දෙකකම ඉලක්කයට ලක් වෙලා ඉන්න ශ්‍රී ලංකාව, "Right to Move" කියන බලතල සහිත තත්වය ශ්‍රී ලංකා යුධ හමුදාවට දෙන්න ඕනේ, ඕනෑම වෙලාවක ත්රස්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්න පුළුවන් වෙන්න. එතකොට දේශපාලකයන් ඕඩරේ දෙනකම් බලා ඉන්න ඕනේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

