පැය 24ක වෛද්‍ය වර්ජනය හෙට

රජයේ රෝහල්වල වෛද්‍ය වැඩවර්ජනයට සමගාමීව හෙට (22දා) දිනයේ පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට (22දා) උදෑසන 8.00 සිට පැය 24ක වැඩවර්ජනයක් සිදුකරන බවත්, මේ නිසා මෙම කාලය තුළදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාවේ හා වෛද්‍ය සේවාවේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී තිබෙන බවත්, මේ නිසා සමස්ත සෞඛ්‍ය සේවාවම අර්බුදයකට ලක්වෙමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
වෛද්‍ය වැඩවර්ජනය සිදුකළද හදිසි අනතුරු සේවා පවත්වාගෙන යන බවත්, මීට අමතරව ළමා, මාතෘ රෝහල්, පිළිකා රෝහල් හා ආරක්ෂක අංශ සතු රෝහල් තුළ වෛද්‍ය වැඩවර්ජනය සිදු නොකරන බවත් ඒ මහතා කියා සිටියේය.
රෝගී අයිතිවාසිකම් රැකදීමට හා සෞඛ්‍ය සේවාව රැකදීම සඳහා මෙම වැඩවර්ජනය සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.
popular news
-
Kumar Wednesday, 21 August 2019 09:49 PM
කලින් දැනුම් දුන්න නිසා කවුරුවත් වර්ජනය දින අසනීප වෙනෙනේ නැති වෙයි නේද. මම ලංකාවේ ඉන්න කලේ මෙවැනි දේ සිදුවුනෙ නැහැනෙ. බරපතල අසනීපයක් තිබෙනවානම් මතක ඇතිව වර්ජනයට් කලින් දින බෙහෙත් ලබාගන්න එහෙම නැතිනම් පරලොවයන්නයි සිද්ද වෙන්නෙ. ඒකත් දුකින් මිදීමක් තමා, දොස්තරලට පින්සිද්ද වෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

