පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කළ විශේෂ කාරක සභාවේ කටයුතු කිරීම සඳහා නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු තවත් මන්ත්‍රීවරු පිරිසක් පත්කර තිබේ.
සරත් ෆොන්සේකා, රවි කරුණානායක, ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිං, කාවින්ද ජයවර්ධන, රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් මෙලෙස පත්කළ බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හා 103 වැනි විධිවිධාන යටතේ සහ පසුගිය 22 වැනි පාර්ලිමේන්තුවේදී සම්මත කළ යෝජනාව ප්‍රකාරව මෙම පත්කිරීම් සිදුකළ බවද කථානායකවරයා සඳහන් කර සිටියේය.
