පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි
2019 අපේ‍්‍රල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාර දෙන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව ජනාධිපතිවරය වෙත පිළිගැන්වූ අතර පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමට පසුගිය අපේ‍්‍රල් 22 දා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කරන ලදී.
අදියර දෙකකින් සමන්විත වූ එම පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිවරයාට වෙත භාර දෙනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

