පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිෂමේ අතුරු වාර්තාව මාස තුනකින්
අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව වැඩිදුර සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද පරික්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රධානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (24දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා සභාපතිවරයා ලෙස කටයුතු කරන මෙම කොමිසමේ සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරි, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රාණි සේනාරත්න යන අයයි.
කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 03ක් ඇතුළත් ජනාධිපතිවරයා වෙත භාරදිය යුතු වේ. මාස 06 ක් ඇතුළත විමර්ශනයෙහි නිගමනය, නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව කොමිසමේ සියලු සාමාජිකයන්ගේ අත්සනින් යුතුව භාරදිය යුතු වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
