ශ්රී ලංකාවේ පාස්කු ඉරිදා ප්රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්රාන්තයේ තවත් ස්ථාන කිහිපයක සොදිසි කිරිම් සිදුකර තිබේ.
තමිල්නාඩුවේ චෙන්නායි හා නාගපටිනම්හි මෙම සෝදිසි මෙහෙයුම් සිදුකර තිබේ.එම ප්රදේශවල ක්රියාත්මක රැඩිකල් අදහස් ඇති ඉස්ලාමීය සංවිධානයක් වන Wahdathe Islami Hind සංවිධානයට සම්බන්ධ ස්ථාන මෙහිදි පරික්ෂාවකට ලක්කර තිබේ.
මෙහිදී පුද්ගලයන් පස්දෙනෙකු විමර්ශන ඒජන්සියේ භාරයට ගෙන ඇත. මීට දින කිහිපයකට පෙරත් ඉන්දිය විමර්ශන ඒජන්සිය තමිල්නාඩුවේ කොයිම්බතූර්හි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ශ්රී ලංකාවේ පාස්කු ඉරිදා ප්රහාරකයන් හා සම්බන්ධ පැවැත්වූවන් ඇතුළු සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
එසේම ශ්රී ලංකාවේ පාස්කු ප්රහාරයට සමාන ප්රහරයක් ඉන්දියාවේ කේරළයේ එල්ල කිරීමට සූදානම්ව සිටි ප්රධාන පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගැනීමට ඉන්දිය ආරක්ෂක අංශ සමත්විය.
