පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනාථ වු හෝ අබාධිත වු දරුවන්ට විශේෂ ළමා අරමුදලක්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ආබාධිත වූ දරු දැරියන් හා දෙමවුපියන් මියයාම හෝ ආබාධිත වීම නිසා අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇත.
ළමා අරමුදල රුපියල් මිලියන 500කින් සමන්විත වන අතර, රුපියල් මිලියන සියයක් රජයේ ප්‍රදානයක් ලෙස ද, ඉතිරි මිලියන 400 ආධාරයන් ලෙස ද ඊට එක් කෙරෙනු ඇත.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල රජය විසින් වියදම් දැරීම හා වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා කටයුතු කිරීමට ද රජය විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍යතුමන් විසින් හෙට (04) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙන අතර, මේ කාර්යයන් අධීක්ෂණය හා ක්‍රියාත්මක කරලීම උදෙසා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කෙරෙනු ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 261 දෙනෙක් බවට දැනට තහවුරු වී ඇති අතර එයින් 174 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට වන්දි ලබා දී තිබේ.
තුවාල සිදුවූ 407 දෙනෙකු අතරින් 226 දෙනෙකු පිළිබඳ වෛද්‍ය වාර්තා දැනට ලැබී ඇති අතර ඒ සියලු දෙනා වෙනුවෙන් වන්දි ලබා දී ඇත. ඉතිරි වෛද්‍ය වාර්තා ලැබුණු විගස වන්දි ලබා දීම සඳහා පියවර ගෙන ඇත.

popular news
-
Sathya Tuesday, 04 June 2019 12:58 PM
මේ වගේ ගොබ්බ වැඩ නිසා තමයි කවදාවත් මේ රට දියුණු කරන්න බැරි. මොකටද වෙනම අරමුදල් හදන්නේ? දැනට තියෙන ආයතනයකින් බැරිද ඔය සුබසාදන වැඩ කරගන්න. අන්තිමට අසරණ/ආභාධිත උනා කියන ළමයින්ට යොදවනවට වැඩි මුදලක් නාස්ති කරනවා අරමුදල පවත්වාගෙන යන්න.(ගොඩනැගිලි කුලිය , සේවකයෝ , වාහන , පරිගණක , පද්දති , ලිපිද්‍රව්‍ය ඇතුළු බොහොමයක් දේවල්). අන්තිමට අසරණ උන ළමයි කෙසේ වෙතත් විශාල මුදල් කන්දරාවක් මහජනයා ගෙවන්න ඕනි ඕක නඩත්තු කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

