පාස්කු ඉරිදා ප්‍රහාරයට රටේ නායකත්වය වගකිව යුතුයි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූ හා තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී පැවැතියේය. එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන නිලධාරීන් පමණක් නොව රටේ නායකත්වය වගකිය යුතු බවත් මෙම දේව මෙහෙය පැවැත්වූ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
“පාස්කු ඉරිදා ප්‍රහාරය දේව කැමැත්ත අනුව සිදු නොවුණ දෙයක් බව පැහැදිලිය. එය මනුෂ්‍යාගේ පවුකාරකම මත සිදුවූ දෙයක්.
මේක මටත් පෞද්ගලිකව වැඳුණු ලොකු පහරක්. ඒ වේදනාවෙන් මම තවත් පීඩා විදිනවා. මේ දේවල් හොඳටම දැනගෙන එය මගහරවා ගැනීමට කටයුතු නොකරපු ඒ නිලධාරීන් විතරක් නෙමෙයි මේ රටේ නායකත්වයත් වගකියන්න ඕන කියලා මම නැවත වරක් ප්‍රකාශ කරනවා.
අතහෝදගන්න බෑමේ වැරැද්ද කරපු අයට අපි දඬුවම් කරන්න ඕන. අපි දඬුවම් කළ යුත්තේ ඔවුන් මේ බලතලවලින් පහකර හැරීමෙන්. මේ වගේ වගකීම් දරන්න බැරි අය අපේ රටේ නායකත්වයට සිදුසු නෑ. ඒ අයව අයින් කරන්න ඕන.
තවමත් සමහර අය නිදැල්ලේ හැසිරෙනවා. තාමත් මොකුත් කළේ නෑ වගේ සාන්තුවරු වගේ ඉන්නවා සමහර අය. තාමත් ඒ අය හිතන්නේ ඒ අයට බේරිලා යන්න පුළුවන් කියලා. මතක තියා ගන්න මනුෂ්‍යාගේ විනිශ්චය ආසනයෙන් දඬුවමන් ලබන්නේ නැති වුණාට දෙවියන් වහන්සේගේ විනිශ්චය ආසනයෙන් දඬුවම් ලැබෙනවා.
මේ අපරාධය වුණේ නෑ වගේ නිහඬව ඉන්න ඒකට අදාළ පුද්ගලයන්ව හොයලා බලල දඬුවම් කරන්න මැලිවෙන අය සියලු දෙනාටම මේ දෙවියන්වහන්සේගේ දඬුවම ලැබෙනවා ලැබෙනවාමයි.
තමන්ගේ ආත්මාර්තකාමී අදහස් මුදුන්පත් කර ගන්නට තමන්ගේ දේශපාලන මති මතාන්තර මුදුන්පත් කර ගන්නට කටයුතු කරපු සියලු දෙනාටම දඬුවම් කරනවා දේශපාලඥයින්ගෙන්.
දැන් මගේ පස්සෙනුත් එලවනවා කියලා ආරංචියි. මම බය නෑ මගේ ජීවිත ඔබට අයිතියි. දෙවියන්ට අයිතියි. එය ඕන වෙලාවක පූජා කරන්න මම සූදානම්.”

popular news
-
AP Kumara Sunday, 12 May 2019 02:26 PM
පියතුමනි එය සහතික ඇත්ත .නමුත් එකම මන්ත්‍රී කෙනෙක් පමණි කෙලින් කතා කරන්නේ (SF ) අනිත් සියලු දෙනාම නායකයට කිසිවක් කියන්නේ නැත . දේශපාලන වාසි මත ජනපති ළඟ නිවටයන් ලෙස මුනිවත රකී විපක්ෂය කිතුනු මල මිනි මතින් තම අබිෆ්ප්රය සපල කර ගෙනීමට සැරසේ .
Reply : 0 66
Champa Sunday, 12 May 2019 03:51 PM
රටේ නායකත්වය, ජනාධිපති අගැමති විතරක් නෙමෙයි මේ බව දැනගෙන නිහඬව සිටි සියලු මැති ඇමතිවරුන්, කතානායක සහ මන්ත්‍රීවරු සියල්ල මීට වගකිව යුතුයි. ඇමරිකාවේ වගේ නම් රටේ බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙනවා. නමුත් මෙහෙ එහෙම වුනේ නැහැ. පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරු වැඩ කරන්නේ දේශපාලන නායකත්වය - ඒ කියන්නේ ජනාධිපති අගැමති දෙන නියෝග මත. ඔවුන්ට උඩින් ජනාධිපති, අගමැති, ආරක්ෂක ඇමති, පාර්ලිමේන්තුව, ජනාධිපති ලේකම් සහ ආරක්ෂක ලේකම් මේ සියලු පාර්ශව ඉන්නවා. ඒ කිසි කෙනෙක්ට මිනිස් ජීවිත බේරා ගන්න උවමනාවක් තිබුනේ නැහැ කියන එක හොඳින්ම පැහැදිලියි. අනිත් අතට මිනිස්සු. කීපදෙනෙක් කියල තිබුන තමන්ගේ තුවාල කාරයෝ ඉස්පිරිතාලෙට ගෙනියන්න කිසි කෙනෙක් උදව් කලේ නැහැ කියල. තුවාල වෙච්ච හුඟ දෙනෙක් මැරිලා තියෙන්නේ නිකරුනේ. උදව ඉල්ලුවත් එතන හිටපු තුවාල නොවුණු බොහෝ දෙනෙක් ප්‍රහාරය වුනාට පස්සේ එතන video කරමින් සහ පින්තූර ගනිමින් හිටිය මිසක් තුවලකරයන්ව රෝහලට ගෙනියන්න උදව් කලේ නැහැලු. මේක හරිම කණගාටුදායක කතාවක්. මිනිස් ජීවිත බේරගන්නවට වඩා fb එකේ දාන පින්තූර ලොකු වෙලා. අනිත් අතට මියගිය සහ තවාල වුනු පිරිස් ගැන කිසි කෙනෙක් කතා කර
Reply : 0 0
Champa Sunday, 12 May 2019 04:20 PM
ආගමික ස්ථාන වලට පහර දීම තරම් තිරිසන් වැඩක් තවත් නැහැ. ලංකා ඉතිහාසයේ එවන් ලොකුම පහර දීම 1985 LTTE එක ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරමින් හිටපු සැදැහැවතුන්ට කරපු පහර දීම. හාමුදුරුවරු සිල් මෑණිවරු උපාසක උපාසිකාවන් කුඩා දරුවෝ ඇතුළු 146ක් එදා වෙඩි තියල අමු අමුවේ මරලා දැම්ම. තුවාල කාරයෝ ගාන මම දන්නේ නැහැ. ඊට පස්සේ වෙච්ච ඉතාම දරුණු ඝාතනය 2019 පාස්කු ඉරිදා. වඩා කනගාටුදායක 1985 ත්‍රස්ත ප්‍රහාරය අනපේක්ෂිත වුනත් 2019 ප්‍රහාරය රටේ පාලකයෝ දැනදැනම රාජ්‍ය අනුග්‍රහයෙන් කරපු දෙයක් වීම. අගරදගුරුතුමාගේ ජීවිතේට මුකුත් කරදරයක් වෙන්නේ නැහැ. මුස්ලිම් ත්රස්තවාදීන් නැවත බෝම්බ පුපුරවයි කියල මම හිතන්නේ නැහැ. නමුත් එහෙම බෝම්බ පිපිරුනොත් කරන්නේ ආණ්ඩුව සහ තමන්ගේ අභිප්රායන් ඉෂ්ඨ නොවුණු මිනිස්සු. මම තාම කියනවා IS එකක් මේකට සම්බන්ධ නැහැ. ඒ කතාව ආවේ මේක පිටිපස්සේ ඉන්න ඇමරිකාව ඉන්දියාව සහ පාලකයන්ගේ හවුල් වීම වහගන්න හෙවත් මිනිස්සුන්ගේ කෝපය ආණ්ඩුව පැත්තට නැතුව වෙන පැත්තකට divert කරන්න. මේවා මම CT එකට ලිව්වේ 21 වෙනිදා සහ 22 වෙනිදාමයි. සියලු සිංහලයන් එකතු වෙලා අනිවාර්යයෙන්ම මේ දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

