පාසල්හි අබාය තහනම් කිරිම වැරදියි - HRCSL
ගුරුවරියන්ට පාසල් කාලය තුල අබාය (ඉස්ලාම් ඇඳුමක්) ඇඳීම තහනම් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
ත්‍රිකුණාමලය ශ්‍රී ශන්මුග හින්දු පාසලේ සහකාර ගුරුවරියන් තිදෙනෙක් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරිමෙන් පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව සඳහන් කළේය.
එම ගුරුවරියන් තිදෙනා අබාය ඇඳීමට පාසලේ විදුහල්පති හා කළමණාකරණය තහනම් කිරීමට විරෝධය දක්වමින් ඔවුහු මෙම පැමිණිල්ල ගොනු කළහ.
පාසල මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ එය හින්දුන් විසින් ආරම්භ කළ හින්දු සංස්කෘතිය අනුව පවත්වාගෙන යන පාසලක් බවත් අබාය ඇඳීම පාසලට නොගැළපෙන බවත්ය.
කෙසේ වෙතත් පාසල්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් බවත් ඔවුන්ගේ ආගමික නිදහස මේ හරහා උල්ලංඝනය වී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12 (01), 12(02) හා 14 (ඊ) වගන්ති මේ හරහා කඩවී ඇති බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

popular news
-
Champa Wednesday, 03 April 2019 05:47 PM
මේ ඇඳුම ලංකාවේ මුස්ලිම් ඇඳුම නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදාළ වෙන්නේ ලංකාවේ මුස්ලිම් ඇඳුමට. දිග කබායක් එක්ක ඔලුවේ ඉඳන් වහගෙන ඇස් දෙක විතරක් ඇරගෙන "මිනිහෙක්" මේ ඇඳුම ඇඳගෙන ඉඳල පොලිසියට අහු වුනා. ඕනේ කෙනෙකුට ආයුධයක් හෝ මත්ද්‍රව්‍ය වුනත් හංගන් යන්න පුළුවන්. පහුගිය දවස්වල වෙන මුස්ලිම් රටවල ඉඳන් ආපු කාන්තාවෝ පවා අහුවුනා කුඩු ඇදලා. ඒ හින්ද ලංකාවේ පාසල් වලට හෝ ගමනට බිමනට ලංකාවේ මිනිස්සුන්ට හුරු පුරුදු මුස්ලිම් ඇඳුම අදින්න දෙන්න ඕනේ. කොහෙන් ආවද දන්නේ නැති මේ අලුත් ඇඳුම තහනම් කරන්න ඕනේ. රටේ නීති රටේ හැම පුරවැසියටම එක වෙන්න ඕනේ. මේ ඇඳුම ලංකාවට ආගන්තුකයි. මිනිස්සුන්ට තමන්ගේ ආරක්ෂාව ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ මොකොද මුස්ලිම් ගැහැණු මිනිස්සු විශාල ප්‍රමාණයක් වෙනත් රටවලින් ඇවිල්ල ඉන්නවා. මේ ඇඳුම ඇදන් යනකොට හරියට අඳුර ගන්න බැහැ කොහේ කවුරුද කියල. අනිත් එක ලංකාව මුස්ලිම් රටක් නෙමෙයි. මේක ඇඳන් යනකොට නිකම් ලංකාවට තලිබාන් ඇවිල්ල වගේ. ලංකාවේ මුස්ලිම් කාන්තාවෝ කළු කබා කළු හිස්වැසුම් ඇන්දේ නැහැ. හැමෝටම හුරු පුරුදු සාමන්‍ය විදිහට ඔලුව වහපු ලංකාවේ මුස්ලිම් ඇඳුම ඇන්දට කමක් නැහැ.
Reply : 0 52
Don Wednesday, 03 April 2019 09:07 PM
ළමයින්ට ගෝනි-බිල්ලෝ පෙන්වන්න එපා!!
Reply : 0 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

