පාර්ලිමේන්තුවේ සිද්ධිය ගැන කනගාටුවෙනවා
පාර්ලිමේන්තුවේ අද සිදුවූ දේ පිළිබඳව කනගාටුවෙන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තුවේ අද සිදූවූ සිදුවිම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මගේ රට ගැන විශාල වේදනාවක් ඇතිවෙනවා. එක පැත්තකින් හිතනවා මේ වගේ නායකතයන්ද පාර්ලිමේන්තුවට පත්කරලා මේවගේ හැසිරෙන්නේ කියලා. අද පාර්ලිමේන්තුවේ වුණ සිද්ධිය ගැන කලකීරීමට පත්වෙනවා.
ජනපති කරපු ව්‍යවස්ථා පටහැනි ක්‍රියාවලිය අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අපි පාර්ලිමේන්තුව රැස්වෙලා බහුතරය පෙන්නුවා. අද වන විටත් මහින්ද රාජපකෂ මහතාත් ජනපතිතුමත් ඒක පිළිගන්නේ නෑ.
ඉදිරි මැතිවරණයෙකදී ඡන්දය ප්‍රකාශ කරද්දී ටිකක් හිතලා බලලා ඡන්දය ප්‍රකාශ කරන්න.”
popular news
-
Champa Thursday, 15 November 2018 02:56 PM
අයියෝ ඔක්කොටම ඉස්සෙල්ල කථානායකතුමාට පාර්ලිමේන්තුව ඇතුලේ ආරක්ෂාව දෙන්න පුලුවන්ද කියලා බලනවද, please? මං කැමති නැහැ කථානායක කෙනෙක් පාර්ලිමේන්තුවේ ඝාතනය කරපු ලෝකේ එකම රට ලංකාව වෙනවට. අනේ මට නම් හරිම පුදුමයි මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන. ලංකාවේ නම කෙළසනවා ලෝකයා ඉදිරියේ. මේ වෙලාවේ මුළු ලෝකෙම ලංකාව දිහා බල ඉන්න වෙලාවක්. මන්ත්‍රීවරුන්ට ඔහොම කථානායක කෙනෙක් ලඟට ගිහින් වට කරගෙන තර්ජනය කරන්න පුලුවන්ද? කවුරැ කලත් මේවා හරිම වැරදි වැඩ. ශීලාචාර විදිහට මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි ඇයි? ඇත්තටම බය හිතෙනවා ලංකාව අරන් යන්නේ කොහෙටද කියලා.
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

