පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 60ක් වත් විය යුතුයි
සංවර්ධන අරමුණු කරා ගමන් කරන රටක් ලෙස කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව ලබාදිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට ද බලපාන අතර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ද එම සියලු අංශවල කාර්යක්ෂමතාවය ඉතා වැදගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇගැයීම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුවේ සමාරම්භක අවස්ථාවට අද (17දා) පෙරවරුවේ කොළඹ දී එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රටවල් 70 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙයි.
පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය සභාවේ කටයුතුවලට පමණක් නොව අනෙකුත් උපදේශන කමිටුවල කටයුතුවලට ද වැදගත්වන අතර එම කමිටුවල කි‍්‍රයාකාරිත්වය රටේ සංවර්ධනයට පුළුල් ලෙස බලපාන බවද ජනපතිවරයා සඳහන් කළේය. එබැවින් පාර්ලිමේන්තුවේ වටිනාකම නිරන්තරයෙන් මන්තී‍්‍රවරුන්ගේ ඇගැයීමට ලක්වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණෙන දින ගණන එහි කාර්යක්මතාවය පවත්වාගෙන යාමේ ප්‍රධාන සාධකය බව ද පැවැසීය.
අද කාන්තාවන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවතින බවට පෙන්වා දෙන වාර්තා අනුව පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය ද ඉහළ නංවා ගැනීමට ඒ තුළ වැඩිපුර කාන්තා නියෝජනයක් සිදුවීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනපතිවරයා ඒ සඳහා පාර්ලිමේන්තුවක කාන්තා නියෝජනය 60% මට්ටමකවත් පැවතිය යුතු බව තමා විශ්වාස කරන බව ද පැවැසීය.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවැසුවේ රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොව හමාරක් වූ මානව සම්පතේ කාර්යක්මතාවය සියයට 30 -35 ක් පමණක් බව වාර්තා මගින් පෙන්වා දෙන අතර එය කිසිසෙත් සතුටුදායක තත්ත්වයක් නොවන බවයි.

popular news
-
සෙනෙවි Monday, 17 September 2018 05:01 PM
මට හිතෙන්නේ එක පදනම් විරහිතයි
Reply : 0 29
Champa Monday, 17 September 2018 05:52 PM
අදහස හොඳ වුනාට ප්‍රයෝගිකව ඕක වෙනස්. හුඟක් කාන්තාවන්ට දේශපාලනය ගැන දැනුමක් නැහැ. ඉස්සෙල්ල ඒ දැනුම දෙන්න ඕනේ. ඊළඟට සමාජ ආර්ථික කාරණා ගැන දැනුමක් දෙන්න ඕනේ. පොතක් පත්තරයක් කියවන අය වුනත් ඉන්නේ කීයෙන් කී දෙනාද? අනිත් එක මේ cabinet එකේ කාන්තා ඇමතිවරු හිටියට කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් කිසිම විශේෂ දෙයක් කරලා නැහැ. ඒ වගේ අය නම් මුළු පාර්ලිමේන්තුව පිරෙන්න හිටියත් වැඩක් නැහැ. අනිත් පැත්තෙන් රෝසි දිහා බලන්න. මොන තරම් මහජන මුදල් නාස්ති කරාද මේ ආව මාස කීපෙට. මේ වගේ අය 60% න් 40% වගේ වුනොත් කොහොමද? ඉස්සෙල්ල ආකල්ප වෙනස් කරන්න ඕනේ.
Reply : 0 0
rocky Monday, 17 September 2018 07:34 PM
ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල කන්තෝරු නැති කලාට පස්සේ පාර්ලිමේන්තුවත් නැත්තටම නැති කරන්න වගෙයි හදන්නේ. එක අතකින් ඕක නැත් නම් වඩා හොඳයි හොඳයි. උතුමාණනි. අපිවත් එක්කම මේ රට විකුනලා දාන්න වෙනත් රටකට. හැබැයි ඒකට වත් ටෙන්ඩර් කැඳවන්න හරියට!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
