පාර්ලිමේන්තුව විසුරවයි - මැතිවරණය ජනවාරි 5 දා
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට එක්සත් ජතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
එම පක්ෂ දෙකම සඳහන් කරනේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නීති විරෝධී බවයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව සිය දැඩි අවධානය යොමුව ඇතැයි ඇමෙරිකාව සඳහන් කරයි.
ඇමෙරිකාවේ මධ්‍යම හා දකුණු ආසියානු කාර්යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පාර්ශ්වකරුවෙක් ලෙස ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය ස්ථාපිත විය යුතු බව සිය අදහස වන්නේ යැයි ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙයි.
නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මහ මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙනු ඇති බවත් ස්ථාවර රටක් නිර්මාණය වෙනු ඇති බවත්ය.
As leaders, it is our responsibility and obligation to give the people the opportunity to voice their opinions on the future of #SriLanka. A general election will truly establish the will of the people and make way for a stable country.
— Mahinda Rajapaksa (@PresRajapaksa) November 9, 2018
2019 ජනවාරි මස 05 දා මැතිවරණය පැවැත්වීමටත්, ජනවාරි 17 දා නැවත පාර්ලිමේන්තුව කැඳවීමටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා තීරණය කර තිබේ. නාම යෝජනා කැඳවීම් එළැඹෙන 19 දා ආරම්භ වන අතර එය 26 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

2019 ජනවාරි 10 දාට ප්‍රථමව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇති බව එක්සත් ජනතතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධී බවත් එයට එරෙහිව සටන් කරන බවත්ය.
පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ ජනපතිවරයා මිනිසුන්ගේ අයිතිය ප්රජාතන්ත්රවාදය සොරකම් කළ බවයි.
We veheremently reject the President's dissolution of Parliament.
— UNP (@officialunp) November 9, 2018
He has robbed the people of their rights and the Democracy that we have enjoyed. #lka #SriLanka #coupLK
පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.
පාරලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2019 වසරේ ජනවාරි මස මුල් භාගයේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වැඩි ඉඩක් පවතින බව විශ්වාසදායක ආරංචි මාර්ග 'අද'ට තහවුරු කළේය.
යම් හෙයකින් අද දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකළ හොත් පැය 48ක් තුළ එය සිදු කිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.
අද රෑට පාර්ලිමේන්තුව විසුරුවීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ආණ්ඩුවට 113ක බහුතරය නොමැති හෙයින් මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි.
Heavy speculation President @MaithripalaS will dissolve #SriLanka Parliament tonight after appointing ministers to use state power for elections as they don’t have 113. If he does that, might as well remove word ‘Democratic’ in the official name of our country. #CoupLK @RW_UNP pic.twitter.com/eGtjXx2ouM
— Harsha de Silva (@HarshadeSilvaMP) November 9, 2018
I hope that he will not do this. It is crystal clear in the Constitution that 150 MPs must seek its dissolution as per the 19th Amendment.
— Harsha de Silva (@HarshadeSilvaMP) November 9, 2018
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

