පාර්ලිමේන්තුව විසිරවිමේ තිරණ ගත යුත්තේ පක්ෂනායකයින් හා මන්ත්‍රීවරු - අගමැති
ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවන්නේද නැද්ද යන්න සම්බන්ධව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අද (04) අගමැතිවරයා මේ බව පැවසීය.
ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසුව ඉදිරි මාස කිහිපය තුළ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සදහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හා මන්ත්‍රිවරුන් එක්ව තීරණයක් ගතයුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
2020 වසර සඳහා මේ වසර තුළදී අයවැය යෝජනාවලියක් ඉදිරිපත් නොකරන බවත්, මේ වසර තුළ විසර්ජන පනත අනුව වියදම් කිරීම් සිදුවන බවත්, ඒ මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි බිමල් රත්නායක මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
“2020 සඳහා සාමාන්‍ය ක්‍රමවේදය අනුව 2019 වසර තුළදි අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. නොවැම්බර් , දෙසැම්බර් මාසවලදී ජනාධිපතිවරණයක් කැඳවන විට මෙතෙක් කල් අයවැය ලේඛනයක් ඉදිරිපත්කර නැහැ. මේ නිසා ආදායම් අවභාවිතාවක් සිදුවන්නෑ. මේ අවුරුද්දේ මුදල් සියල්ල වියදම් වෙන්නේ දැනට සම්මත කර තියෙන විසර්ජන පනත යටතේ. ඒකෙන් අපිට පිට යන්න බැහැ. ඒක යටතේ තමයි දෙසැම්බර් 31 දක්වා මුදල් වියදම් කරන්නේ. අතුරු සම්මත ගිණුමක් මගින් වෙන්කරන මුදල් ප්‍රතිපාදන රටේ නීතිරිති, චක්‍රලේඛ අනුව වියදම් කරන්න තියෙනවා. අලුත් ව්‍යාපෘති කිසිවක් ඊට ඇතුලු වෙන්නෑ.
මැතිවරණය සඳහා මුදල් යොදවනවනම් මැතිවරණ කොමිසමට දෙන්න පුළුවන්. පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳව ඊළගට ප්‍රශ්නයක් එනවා. 1988දී ජනාධිපතිවරණය අවසන්වූ වහාම පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වුවා. 1999දී ජනාධිපතිවරණය අවසන් වුනාම අයවැය ඉදිරිපත් කරලා තමයි පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වුවේ.
මේ දෙකේදීම ජනාධිපතිවරයාට බලය තිබුණා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. අද ඒ බලය පාර්ලිමේන්තුව සතුව තියෙන්නේ. පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරාහරින්න උවමනානම් පාර්ලිමේන්තුවේ එකඟත්වය අනුව සිදුකළ යුතුයි. මේ ගැන පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

popular news
-
anonymous Wednesday, 04 September 2019 10:04 PM
Wrong.......this time it will be done by the 'people of Sri Lanka'. None of you will be there to decide the fate of the country or it's population.
Reply : 0 1
Kolitha Thursday, 05 September 2019 10:41 AM
කවදාවත් වෙන වැඩක් නෙමෙයිනෙ ආයුබොවo....
Reply : 0 1
janatha anura Thursday, 05 September 2019 02:45 PM
සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිපයේ බහුතරයට දිරවගන්න බැරි ලණුවක් කවල 19 සම්මත කරගත්තේ අම්මප ඔහේ තමයි කොළඹ 7 කොබෙයියිය . ඔබතුමාට අහු වෙච්ච සිරිසේන උන්නැහේ නම් පොළොන්නරුවේ අනෙක් කට්ටිය දකුණේ සිංහල 1815 සුද්දාගෙන් කාපු ලනුවට හපන් ලණුවක් තමා උන්දලා ඔක්කොම කෑවේ
Reply : 0 0
janahitha Thursday, 05 September 2019 02:47 PM
පාර්ලිමේන්තුව නොවේ එක්සත් ජාතික පක්ෂය තමා තීරණය කොරන්නේ ඇත්තම කියන්නකෝ 19 ට අත උස්සපු සිරිසේනගේ මෝඩයෝ රැලට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

