ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇති අතර මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ කිරීම 2020 වර්ෂයේ ජනවාරි මස 03 දින සිදුකරීමට තීරණය කර තිබේ.
මේ බව සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (02දා) රාත්‍රියේ රජයේ මුද්‍රණාලයට යොමුකර තිබු අතර අංක 2152/7 යටතේ ජනාධිපතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශයක් ලෙස ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇත. මේ අනුව ඊයේ මධ්‍යම රත්‍රියේ සිට එය බලපැවැත්වේ.
ඒ අනුව 2020 වසරේ ජනවාරි (03දා) පෙරවරු 10.00 ට අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කිරීමට නියමිතය.