පාර්ලිමේන්තුව වසර දෙක තුනක් වසා දැම්මට ප්‍රශ්නයක් නෑ - ඇමති විදුර
ශ්‍රී ලංකාවේ දීනකට වැඩිම මුදලක් වියදම් කරන ආයතනය පාර්ලිමේන්තුව වුවත් එයින් ප්‍රථිඵල නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.
ඒ අනුව පාර්ලිමේන්තුව වසර දෙක තුනක් වසා තැබීම ගැටලුවක් නොවන බවත් ඉතිරිවන මුදල් අධ්‍යාපනයට යොමුකළ යුතු බවත් ඔහු පැවැසීය.
ලංකාවේ දිනකට වැඩිම මුදලක් වියදම් කරන ආයතය පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව පවත්වන දිනකදී ලක්ෂ 92ක් වියදම් කරනවා. නොපවත්වන දිනකදී ලක්ෂ 87ක් වියදම් කරනවා.
හැබැයි මේ පාර්ලිමේන්තුවේ තමයි වැඩිමෙන්ම මම දකින්නේ එකිනෙකා කෙරෙහි ගෞරවයක් නැති, සුහදත්වයක් නැති, ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් නැති තැන.
පසුගිය දවස්වල මිරිස්කුඩුවලින් ගහනවා, සමහර අය එනවා පිහි උලුක් කරගෙන. එකිනෙකා ගුටි බැට හුවමාරු කර ගන්නවා. මේ අපේ උත්තරීතර යැයි කියා ගන්නා පාර්ලිමේන්තුව.
ලක්ෂ 92ක් වියදම් කිරීමෙන් කෝ ප්‍රතිඵලය. ඔය පාර්ලිමේන්තුව අවුරුදු දෙක තුනකට වහලා දැම්මට කිසි ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙන්නේ නෑ.
ඒ සල්ලි ටික දෙන්න මේ දරුවන්ගේ අධ්‍යාපනයට. අපේ රටට චින්තන විප්ලවයක් අවශ්‍යයි. ආපේ රට අලුත් ගමනක් ආරම්භ කර තිබෙනවා.
ඒක සාර්ථක වෙන්න නම් චින්තන විප්ලයක්, අදහස්වල වෙනසක්, සිතුවිලි අලුත් විදිහට පෙළගැස්සවීමක් අවශ්‍යයි."

popular news
-
Nimal Thursday, 13 February 2020 11:12 AM
ඔබ තුමාගේ කතාව නම් හරියට හරි. ඔබතුමා ජනතාවගේ හදවත හදුනාගත් දෙසපලකයෙක්.
Reply : 0 75
Srikantha Thursday, 13 February 2020 04:20 PM
Tanks sir. You are always telling the truth. Pls close down the parlimentarian dansala and ask them to bring the food from home with rapping banana leaves.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
