පාර්ලිමේන්තු වාර අවසන් කළේ MCC ගිවිසුම අත්සන් කරන්නද?
පාර්ලිමේන්තු වාර අවසන් කිරිම හරහා ඇමෙරිකාව සමග අත්සන් කිරිමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම රහසේම අත්සන් කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මේ අය මැතිවරණ වේදිකාවේදීත්, මැතිවරණ වේදිකාවෙන් පිටතදීත් විශාල වශයෙන් කලු චිත්‍රයක් මැව්වා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන්. මේ ගිවිසුම දෙසැම්බර් මාසයේ 31 වැනිදාට කලින් අත්සන් කරන්න ඕන.
එතකොට අපිට සැකයක් තිබෙනවා මේ ආණ්ඩුව තුළ දේශීය චින්තනයේ කොටසකුයි ඇමෙරිකානු චින්තනයේ කොටසකුයි ඉන්නවා. ඒ අය පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර නොකර හොර රහසේම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ගිවිසුම අත්සන් කරන්න යනවද කියලා සැකයක් තිබෙනවා.
මොකද ආණ්ඩුව කොයි අවස්ථාවකදීවත් කියලා නෑ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. රජය නිල මතයක් ඉදිරිපත් කර නෑ.
ආණ්ඩුව අයවැයක් ගේනවානම් ඒකට සහාය දෙන්න අපි කැමතියි. හොඳ වැඩවලට අපි සහාය දෙනවා. අපි ආණ්ඩුව පත්වුණ දවසේ සිටම කකුළෙන් අදින්නේ නෑ.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

