පාර්ලිමේන්තු යෑම පිළිබඳ සන්ධානයේ තීන්දුව අද උදේ
අද (19දා) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වීම හෝ සහභාගි නොවීම පිළිබඳ අවසන් තීරණය අද (19දා) පෙරවරු පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත් රීකණ්ඩායමේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්රීබන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඊයේ (18දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම දවසක සිදු නොවූ ආකාරයට කථානායකවරයා විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් බව ප්රජාතන්ත්රවාදය දැන් පාර්ලිමේන්තුවේ නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
කථානායකවරයා විසින් පාර්ලිමේන්තු සම්ප්රදාය පැහැදිලිවම සුන්නද්දූලි කර ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කථානායකවරයා පාර්ලිමේන්තුවට ඇතුළු විය යුත්තේ ගෞරවයෙන් බවත්,සභාවේ කටයුතු සිදුකළ යුත්තේ සෙංකෝලය ඉදිරියේ තිබෙන විට බවත් පැවසූ බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී එවැනි කිසිවක් සිදු නොවූ බවද සඳහන් කළේය.
එබැවින් මෙවර පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වන්නේද, නොවන්නේද පිළිබඳ අද(19දා) යළි සාකච්ඡාකර අවසන් තීරණයකට පැමිණෙන බවද හෙතෙම සඳහන් කළේය.
popular news
-
Champa Monday, 19 November 2018 11:01 AM
මම හිතන්නේ ඕගොල්ලෝ බොරු කියන එක චුට්ටක් විතර අඩු කරොත් හොඳයි නේද? මුළු ලංකාව ම දැක්ක කථානායකතුමාට පාර්ලිමේන්තුවේ කටයුතු හරියට කරන්න ඉඩ දුන්නේ නැත්තේ කවුද කියලා. කථානායකතුමාට ගෞරවයෙන් සභාවට ඇතුළු වෙන්න නොදී දොර ළඟ මුර කරගෙන හිටියේ කවුද? ඊළඟට කතානායකතුමාගේ පුටුවේ ඉඳගෙන හිටියේ කවුද? ඊළඟට ඒ පුටුව උස්සන් ඈතට අරන් ගියේ කවුද? ඊළඟට කථානායකතුමා පොලිස් ආරක්ෂාව එක්ක ඇවිල්ල ඉඳගන්න ගෙනාපු පුටුව කඩලා එකෙන් පොලිසියට ගැහුවේ කවුද? පොලිස් ආරක්ෂාව නොතිබුන නම් කථානායකතුමාගේ ජීවිතෙත් නැති වෙන්න ඉඩ තිබුන. හරිම ලැජ්ජයි.
Reply : 0 66
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

