පළමු පාර්ලිමේන්තු සැසිවාරයකදී ජනාධිපතිවරයා පිළිගැනීමට පැවැත්වෙන හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාළි එළඹෙන 20 වැනිදා පැවැත්වෙන 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී නොපවත්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට උපදෙස් දී තිබේ.
එසේම මෙහිදී ජනාධිපතිවරයා පිළිගැනීම උදෙසා ජය මංගල ගාථා පමණක් ගායනා කිරීම බොහෝවිට සිදුවනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම උත්සවය ඉතා චාම් හා ගාම්භීර ලෙස සිදුකිරීමට නියමිතය.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් %අද^ කළ විමසීමේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කර සිටියේ මෙවර සැසිවාරයේදී නොපැවැත්විය යුතු අංග සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුර විමසීමක් නැවත සිදුකළ යුතු වන බවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අද (17දා) විමසීම් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බවද මහලේකම්වරයා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.