පාදෙණිය යළි GMOA සභාපති වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට 08 වැනි වරටත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්ව තිබේ.
මීට අමතරව ලේකම් ධුරයට වෛද්‍ය හරිත අලුත්ගේ මහතාත්, මාධ්‍ය ප්‍රකාශක ධුරයට වෛද්‍ය සමන්ත ආනන්ද මහතාත්, භාණ්ඩාගාරි ධුරයට වෛද්‍ය නාත් විජේසූරිය මහතාත් තේරී පත්ව ඇත.
සංස්කාරක ලෙස වෛද්‍ය නලින්ද හේරත් මහතා තේරී පත්ව තිබෙන අතර, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සභාපති ධුරයට නිතරගයෙන් තේරී පත්ව තිබේ.
මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට අවස්ථා තුනකදී නිතරගයෙන් තේරී පත්වූ සභාපතිවරයා ලෙසද පාදෙණිය මහතා වාර්තාවක් තබා ඇත.

-
ටි.ඉන්දික Sunday, 01 July 2018 02:46 PM
වෛද්‍ය වෘත්තිය අද බාල්ලු වෙලා තියෙන්නේ මෙයාගේ උද්දච්චකම නිසා..දැනුම තිබ්බට..කුහක දැනුම භාවිතය නිසා වෛද්‍ය අධ්‍යාපනයම පස්සට ගියා මෙයාගේලගේ සංගමය නිසා...එය තව අවුරුදු 50 කටවත් ගොඩ ගන්න බැරි සහගහන අපරාධයක්..මේ වගේ දැනුම ඇති විනාශ කාරින්ට මේ වගේ සංගම් තනතුරු හොබවන්න ලැබීම අපේ රටේ සෑම වෘත්තයකම අභාග්‍යක්.. කවදා හෝ මිනිස්සුන් මෙයාගේ වලටත් හෙණ ඉල්ලන එක වලක්වන්න බෑ.(දැනුම ඇති අයමයි රට විනාශ කරන්නේ)
Reply : 0 0
Champa Monday, 02 July 2018 12:57 PM
දරුවන්ට වෛද්‍ය අධ්‍යාපනය එපා කරලම දැම්ම GMOA එක තනිකරම mafia එකක්. ලෝකේ එකම ආත්මාර්ථකාමී දොස්තරවරු ඉන්න දොස්තර සංගමය. මිනිස්සු කෙල ගහනවා.
Reply : 0 0
rocky Monday, 02 July 2018 06:35 PM
ජයවේවා! සෛටොම් එකට එරෙහිව ගෙන යන සටනට අපේ ආශීර්වාදය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

