පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ලාභ ලබන ආයතන කරන්න - ජනපති
පාඩු ලබන රාජය ව්‍යවසායන් ලාභ ලබන ආයතන බවට පත්කිරීමට කටයුතු කරන ලෙසත් නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා දුප්පත්කමින් පහළම මට්ටමේ සිටින ජනතාවට ලබාදෙන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
නව කැබිනට් මණ්ඩලය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"අපි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන්න. අමාත්‍යාංශ යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන ආයතනයන් බවට පත්වෙලා තිබෙනවා.
අපි ඒවා ලාභ ලබන භාණ්ඩාගරයට බරක් නොවන අයුරින් ක්‍රියාත්මක කරන්න ඕන. ඒවායේ සභාපතිවරුන් හා අධ්යක්ෂවරුන් පත්කිරීමේදී කාර්යය කරන්න පුළුවන් සුදුසුකම් හා වෘත්තීය දැනුම ඇති සභාපති හා අධ්යක්ෂ මණ්ඩලයක් පත්කළ යුතුයි.
මේ සඳහා තේරීම් මණ්ඩලයක් හරහා අපි තෝරා ගන්නවා. එවැනි නම් තිබෙනවානම් තේරීම් මණ්ඩලයට යොමුකරන්න.
නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා දුප්පත් කමින් පහළ මට්ටමේම සිටින ජනතාවට ලබාදෙන්න. ඒ හරහා දුප්පත්කමෙන් ඉහළට ගන්න පුළුවන්.
නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා සඳහා අධ්‍යාපනයෙන් වැඩි අය පත්කරන්න එපා. සෑම මන්ත්‍රීවරයෙකුට මේ අවස්ථාව දෙන්න ඕන.
එය ජනපති ලේකම් කාර්යාලයට ලබාදුන්නොත් අපිට පුළුවන් ඒ අයට අවශ්‍ය රැකියා දෙන්න."
popular news
-
Kumar Friday, 22 November 2019 10:09 PM
විදුලිබල මණ්ඩලය කජු සංස්ථාව වගේ ආයතන ලාභ ලබන ආයතන කරන්න පුළුවන් කියල සිතන්නවත් පුලුවන්ද. තව වසර දෙකකින් පමණ බලන්න පුළුවන් මෙ ප්රකාශනයේ ප්‍රතිපල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

