පාඨලීගේ චන්ඩි පාට් සඳහා මුහුණ දෙන්න සූදානම් - පාලිත
කොළඹ කුණු ගෙනත් දමීමට පුත්තලම කුණු බක්කියක් නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවබෝධ කර ගත යුතු බවත්, ජනතා මතයට පිටුපාමින් ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කිරීමට මේ ආණ්ඩුවේ කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
වනාතවිල්ලුව, අරුවක්කාඩු ප්‍රදේශයට කොළඹ කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“මම පුත්තලමේ පුරවැසියෙක් විදියට මේ කසළ ව්‍යාපෘතියට මුල සිටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, අගමැතිතුමා දැනුම්වත් කළා. පාර්ලිමේන්තුවේදී කතා කළා. පුත්තලමට කුණු පමණක් උරුම කරන වැඩපිළිවෙල වෙනස් කළ යුතුයි. මට එතැනදී පක්ෂ ආණ්ඩු ඇමතිකම් වැදගත් නෑ. ඇමතිකම නැති වුණත් මේ අරගලයට පණ දෙනවා.
පුත්තලමට විතරක් කැබිනට් අමාත්‍යධුරයක් ලබා නොදුන්නෙත් පුත්තලමේ කුණු වැඩ කිරීම පහසු කර ගැනීමේ අරමුණින්ද යන්න ගැනත් සැකයක් තිබෙනවා. කොළඹ කුණුවලට විසඳුම ඒවා පුත්තලමට ගෙනත් ගොඩ ගසන එක නෙමෙයි. ඒවාට විද්‍යාත්මක විසදුම් ලබා දිය යුතුයි.
කොළඹ සිට අරුවක්කාඩුව දක්වා ලොරියකට ගමන් කරන්න අවම වශයෙන් පැය හතරක්වත් ගත වෙනවා. ඒ ගමන තුළ කොළඹ සිට වනාතවිල්ලුව දක්වාම විෂබීජ වැපිරීමත් ගඳ ගැස්වීමත් පමණයි සිදු වන්නේ. එමෙන්ම කුණු ප්‍රවාහනය කිරීමට මුදල් වැය කරන්නේ පාඨලී ඇමතිරයා නෙමෙයි. ඒවා ජනතාවගේ මුදල්.
මේ කුණු ගොඩ ගහන්න යන්නේ ඉතා සංවේදී පරිසර පද්ධතියකයි. එක් පැත්තකින් විල්පත්තුව, තවත් පැත්තකින් නීලබැම්ම ව්‍යාපාරය හා ජනතාව පදිංචි ප්‍රදේශ. පානීය ජලය ලබා ගන්නා කලාඔය නදියත් ඒ අසළින්ම ගලා යනවා. මේවා ගැන අල්පමාත්‍ර හැගීමක් නොමැතිව සිදු කිරීමට උත්සාහ කරන මේ ඒකාධිපති වැඩපිළීවෙල පරාජය කරන්න මා ජනතාව සමග අරගල කරන්න සූදානම් බව නැවත වරක් සිහිපත් කරනවා.
පාඨලී චම්පික ඇමතිවරයා සුපුරුදු චන්ඩි පාට් දානවනම් ඒවට මුහුණ දෙන්න පුත්තලම සූදානම්. වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපතිවරයා සමග එකතුවෙලා තමයි චම්පික ඇමතිවරයා මේ කි‍්‍රයාවලිය දියත් කරන්නේ. මේ ව්‍යාපෘතිය ජන ඝාතන ව්‍යාපෘතියක්. මේක සොබාදහම ඇතුළු සමස්ථ පද්ධතිය ඝාතනය කරන ව්‍යාපෘතියක්.”

popular news
-
Chandra Sunday, 14 October 2018 01:41 PM
ආයේ වොඩ්ක ගහන වාසියකට අර අදිනවා වගේ . දැන්නම් ලොකු වාසියක් අත ලග වගේ . හැමදාමත් මාන බලන්නේ ජරාව කන්න තමා . මහජන සේවයකට නෙමේ .
Reply : 0 0
asuchi Tuesday, 16 October 2018 11:25 AM
ඔබ වලිගෙ පාගාගෙන කතා කරනවා . මහජන නියෝජිතයෙක් නියෝජ්‍ය අපද කලමන කරන ඇමති ලෙසට මෙහෙම කතා කිරීම ඔබේ දැනුමේ තරම පෙන්නනවා . පුත්තලමේ මිනිසුන් මෙහෙම අයටද චන්දෙ දෙන්නේ . ලොරි වලින් කුණු අදිනවා කියල කියන්නේ කරුනු නොදැන. ව්‍යාපෘති වර්තවවත් කියවලද මේ මිනිසුන් කුලප්පු කන්නේ. මේ වෙනුවෙන් දුම්රිය මාර්ගයක් හදන බවවත් දන්නේ නෙද්ද. අඩුම ගැනේ පාර්ලිමේන්තුවටවත් යනවද.අපද කලමන කරන ඇමති විදිහට මොන අපදවටද පිළිතුරු දී තියෙන්නේ. ඒ මිනිස්සු තවම දුකේ..කව්රු කලත් මේක අවශ්‍යම ව්‍යාපෘතියක්. අරුවක්කලු ගිහින් බලන්න..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

