පාඨලි යළි අධිකරණයට රැගෙන එයි
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.
රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පළායාම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනාවට ලක්ව සිටිනවා.
ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා පොලීසියට ඊයේ (18) උපදෙස් දුන් අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැණුනේ ඊයේ පස්වරුවේදියි.
පසුව ඊයේ රාත්‍රියේම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර අද (19) දිනය දක්වා එහිදී ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

popular news
-
Hemantha Thursday, 19 December 2019 11:06 AM
අපි මේ ලගා වෙන්නේ නැවතත් කැලා නීතිය රජවෙන යුගයකටද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

