ප්‍රෙටල් සහ ඩීසල් අද සිට යලි ඉහළට

මිල සුත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ප්රෙට්රල් රුපියල් 4/- කින්ද සුපර් ඞීසල් මිල රුපියල් 3/-කින්ද ඔටෝ ඞීසල් මිිල රුපියල් 5/-කින්ද ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.
ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති හෙයින් ඊට සාපේක්ෂව දේශිය වෙළද පොළේ ඉන්ධන මිලද එළෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඔක්ටේන් 92 ප්රෙට්රල් ලීටරයක් රුපියල් 145/- සිට රුපියල් 149/- දක්වාද, ඔක්ටේන් 95 ප්රෙට්රල් ලීටරයක් රුපියල් 157/- සිට රුපියල් 161/- දක්වාද වැඪි කළ බවත් සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 130/- සිට රුපියල් 133/- දක්වාද ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 118/- සිට රුපියල් 123/- දක්වාද වැඪි කළ බවත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසීය.
මෙරට ඉන්ධන මිල තීරණය ස`දහා වන මිල සුත්‍රය ගණනය කරන කමිටුව ඊයේ (10) පසුවරුවේ මුදල් අමාත්‍යංශයේ රැුස්වී ගනු ලැබු තීරණයකට අනුව මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල මෙලෙස ඉහළ දැමීමට තීරණය කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කස්තුරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

