ප්‍රාථමික පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට යයි
පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ (35) ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් වේ.
මෙම අධිකරණ තීරණය සමාලෝචනය කොට අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහක් (40) දක්වා වැඩිකර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා2020/01/02 දින ඉදිරිපත් කරනු ලැබූ පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ප්‍රාථමික පන්තීන් සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව, ප්‍රාථමික පන්තිභාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණයේ අපහසුතාවයන් අවසන් වනු ඇත. ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩිකිරීමේ තීරණයට පසුබිම නිර්මාණය වන්නේ ද මෙම ගුරු සහායකයින් පත්කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයයි.
අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසු දැනට රට පුරා දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් මුහුණ දී ඇති තවත් දුෂ්කරතාවක නිමාව සටහන් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
-
Deepal Nirosh Tuesday, 21 January 2020 10:19 AM
ප්‍රාථමික පන්තියකට ඉතා ප්රශස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 35යි. ඒ්ත් දෙමාපිය අවශ්‍යතා අනුව පාසල්වල ප්‍රමාණවත් සම්පත් තිබේනම් සිසුන් සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීම සාධාරණයි. හැබැයි මේ තීරණය 2021 වර්ෂයේ පළමු වසරට ළමුන් බඳවා ගැනීමේ සිට ක්‍රියාත්මක විය යුතුයි. දැනට ළමුන් ඇතුළත් කළ පන්තිවලට බල නො පැවැත්විය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

