ප්‍රසම්පාදන කමිටුවට නොඑන වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි තීන්දුවක්
- 4 09 2018
- 22:01
- {{hitsCtrl.values.hits}} views
- ..
ප්‍රසම්පාදන කමිටු සඳහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මහනුවර මහ රෝහලේ පැවැති රෝහල් කළමණාකරණ කමිටු රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේය.
“ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතුයි. ප්‍රසම්පාදන කටයුතු මාස 03 කින් අවසන් කළ යුතුයි. නැතිව නිදහසට කරුණු කියලා වැඩක් නැහැ. රෝහල් වලට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ කඩිනමින් මිල දී ගත යුතුයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාදවීම නිසා ඇතැම් විට හිඟයක් ඇතිවෙන්න පුළුවන්.
කමිටු වලට දැනට පත් කර නොපැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඇතිවන අභියෝගවලට එවිට මුහුණ දෙන්න පුළුවන්.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
