ප්‍රභූ වාහන ගමන් කිරීමේදී මාර්ග වසන්න එපා
ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළේය.
ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් අදාළ අංශ දැනුවත් කොට තිබේ.

popular news
-
Champa Wednesday, 22 May 2019 06:27 PM
ඒක නම් හොඳ අදහස. ප්‍රභූ කිව්වහම ජනාධිපති අගැමති ඩබලත් අයිති වෙනවා.
Reply : 0 0
dilal Wednesday, 22 May 2019 09:00 PM
ලංකාවේ පාරවල් වසන්නේ ප්රභූවරු ගමන්කරන විට නොවෙයි දේසපාලකයන් ගමන්කරන විටයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

