ප්රභාකරන්ගේ ගමේ කොටි ස්මාරක වලට අධිකරණයෙන් තහනමක්
1987 වසරේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12 දෙනෙකුගේ ස්මාරක යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට මුල්ගල තැබීමට උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් ගත් උත්සාහය නැවැත්වීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබාදී ඇත.
වැල්වැටිතුරෙයි තීරුවිල් ක්‍රීඩාංගණයේදී පළාත්සභා මන්ත්‍රී සිවාජිලිංගම් ඇතුළු වැල්වැටිතුරෙයි නගර සභාවේ නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් මේ සඳහා මුල් ගල තැබීම සිදු කරන ලද අවස්ථාවේදී වැල්වැටිතුරෙයි පොලීසිය විසින් ලබාගෙන තිබූ අධිකරණ තහනම් නියෝගය හේතුවෙන් ඒ සඳහා අවස්ථාව නොලැබී තිබේ.
1987 වසරේදී කොටි සාමාජිකයින් 12 දෙනෙකු විසින් ආයුධ නැවක් යාපනයට ගෙන එන අතරතුරදී එම ආයුධ නැව ඉන්දීය සාමසාධක හමුදාවට හසුවන අවස්ථාවේදී ඔවුන් සයිනයිඩ් කා මිය යන අතර පසුව එම 12 දෙනා සිහිවීමට කොටි නායකයා වූ ප්රභාකරන්ගේ උපන් ගම වූ යාපනය වැල්වැටිතුරෙයි තීරුවිල් ක්‍රීඩාංගණයේදී ඉදිකර තිබූ ස්මාරක 12 ආරක්ෂක අංශ විසින් 1996 වසරේදී ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.


අනතුරුව සිවාජිලිංගම් ඇතුළු වැල්වැටිතුරෙයි නගර සභා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් එහි ස්වාධීන මන්ත්රීවරන්ටද නොදන්වා පසුගිය (05දා) තීරුවිල් ක්‍රීඩාංගණයේ අදාළ ස්මාරක නැවත ඉදිකිරීමට මුල්ගල තැබීමට සූදානම්ව තිබේ.
ඒ අවස්ථාවේදී මේ පිළිබඳ ස්වාධීන මන්ත්‍රීවරුන්ට දැනුම් දීමේදී තමන්ට මුලින් ඒ බව දැනුම් නොදීම හේතුවෙන්එම පිරිස මුල්ගල තැබීමට විරෝධය පා ඇත.
අදාළ කාරණාවද සැලකිල්ලට ගනිමින් වැල්වැටිතුරෙයි පොලීසිය පේදුරුතුඩුව අධිකරණයට කරුණු වාර්තා කරමින් මුල්ගල තැබීමට තහනම් නියෝගයක් ලබා දෙන ලෙසට ඉල්ලා තිබේ.
popular news
-
Champa Sunday, 07 October 2018 07:53 PM
ත්‍රස්තවාදී ස්මාරක ඉඳි කිරීමට විරුද්ධව උසාවි යන්නේ මොකොටද? ඇයි ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති නැත්ද ලංකාවේ? උතුරේ තියෙන ත්‍රස්තවාදී ස්මාරක ත්‍රස්තවාදී සොහොන් කොත් ත්‍රස්තවාදී සමරු ඵලක මේ ඔක්කොම බුල්ඩෝසර් කරලා දාන්න ඕනේ රෑ එළිවෙනකොට. මේවා හදපු හදන වුන් හිරේ දාන්න ඕනේ ජීවිතාන්තය දක්වා. බ්යගුලු ආණ්ඩුවක් මේක. කොන්දක් නැහැ. සිවාජිලිංගම් ත්‍රස්තවාදියාව හිරේ දැම්ම නම් ඔක්කොම ඉවරයි. උතුරේ ත්‍රස්ත හිතවාදී ක්‍රියා ඔක්කොම සිද්ධ වෙන්නේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන්. ජනාධිපති අගමැති ඇතුළු මේ ආණ්ඩුවේ කිසි මැති ඇමතිවරයෙක්ට කිසි දවසක සමාවක් දෙන්න හොඳ නැහැ. ඒ විතරක් නෙමෙයි ජාතිද්‍රෝහී දේශද්‍රෝහී මේ ආණ්ඩුවේ එවුන් එක්ක එකතු වෙන්න යන හැමෝවම, හැමෝවම, මොන තරම් ලොක්කෙක් වුනත්, කිසි කතාවක් නැතුව ප්‍රතික්ෂේප කරලා දාන්න ඕනේ. ඊළඟ ජනාධිපති පත් කරන්න ඕනේ පාට පක්ෂ භේද නැති චන්දෙකින්. දේශපාලකයන්ට අඩංගු වෙන්නේ නැතුව, දේශපාලකයෝ කියන විදිහට තීරණ ගන්නේ නැතුව ජනතාව තමන්ම හිතල තීරණය කරන්න ඕනේ ඊළඟ ජනාධිපති කවුද කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
