ප්රභාකරන් හමුවීමට කිලිනොච්චියට පවා යන්න හිටියේ
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන් හමුවීම සඳහා තමන් කිලිනොච්චියට හෝ යෑමට සූදානමින් පසුවූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනපතිවරයා ඉන්දීය SNI පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ මම පණිවිඩකරුවන් යැව්වා. මම කිව්වා ප්රභාකරන් කොළඹට එන්න කැමති නැතිනම් මම එහාට යන්නම් කියලා. මම කිලිනොච්චියට ගොස් ඔහුව හමුවීමට සිටියේ. නමුත් ඔහු කවදාවත් එයට එකඟ වුණේ නෑ ” යැයි ඔහු සඳහන් කරයි.
එසේම තමන්ට එල්.ටි.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට හැකි බවට විශ්වාසයක් පැවැති බවත් බටහිර මෙන්ම ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායන් පවා එය විශ්වාස නොකළ බවත් ඔහු පවසයි.

popular news
-
Champa Wednesday, 12 September 2018 02:45 PM
ඔච්චර නිහතමානී වෙන්න එපා. ප්‍රභාකරන්ව සාකච්චා මේසෙට ගන්න ඔබට ඉස්සෙල්ල බොහෝ දෙනෙක් උත්සහ කළා. තිම්පු සාකච්ඡා ඉන්දියාව organize කලේ. හැබැයි කලේ බොරුවක්. රට පාවල දීල හරි ප්‍රභාකරන්ව සාකච්ඡා මේසෙට ගන්න පවා ඒ කාලේ හිටපු අය උස්ත්සහ කළා. H. L. de Silva JR ට ද්‍රෝහියා කියලත් කිව්වලු නේද? කොහොම හරි ආයුධ ඇත ඇරලා සිවිල් සමාජයට එන්න ප්රභාකරන්ට ඕනේ තරම් අවස්ථා තිබුන. ඔබේ ආණ්ඩුවත් සාකච්ඡා කළා. නමුත් ඒ හැම වතාවකදීම ඉන්දියාව නොර්වේ ඇතුළු රටවල් කලේ ප්‍රභාකරන්ව ශක්තිමත් කරපු එක. ආයුධ මුදල් සහ කොටින්ට පුහුණුව සපයපු එක. ප්රභාකරන්ට ඕනේ වුනා වෙන්න පුළුවන් යුද්ධේ නවත්තන්න, නමුත් ඉන්දියාව සහ බරහිර රටවල් උඩින් එකක් පෙන්නලා යටින් ප්‍රභාකරන්ව නැවැත්තුව. යුද්ධේ අතරදිත් ඔබේ හමුදාව ඔහුට යටත් වෙන්න කිව්වා. ඔහු යටත් වුනේ නැත්තේ ඔහුට උදව් කරපු රටවල් ඔහුව බේරා ගනියි කියල විශ්වාස කරපු නිසා. ත්‍රස්තවාදය ඉවර කරන්න ඔබේ තිබ්බ අධිෂ්ඨානය ඉස්සරහ අනිත් රටවලට කරන්න දෙයක් නැති වුන.
Reply : 0 27
Champa Wednesday, 12 September 2018 03:08 PM
ඔබ නිකම් සටන් කරන්න පටන් ගත්තේ නැහැනේ. ඔබේ ඉවසීම සීමාවට ආවේ කොටි මාවිල් ආරු වහල දෙමල මිනිස්සුන්ට වතුර නැති කලාට පස්සේ. ඇමරිකාව වෙන රටවලට කරනවා වගේ බෝම්බ දාගෙන දාගෙන ගියා නම් ඔබට LTTE එක මාස තුනෙන් ඉවර කරන්න තිබ්බ. හැබැයි සිවිල් මිනිස්සුන්ව බේරන්න ඕනේ නිසා ඔබ අවුරුදු 3ක් අරගෙන පිළිවෙලකට යුද්ධේ කළා. ඔබ නැතුව වෙන කෙනෙක් රටේ නායකයා වුනා නම් ඔය පාරත් යුද්ධේ නවතිනවා. රටේ නායකයා විදිහට ඔබ තුල උතුරේ සිවිල් ජනතාව සහ රටේම ජනතාව භීෂණයෙන් බෝම්බ බියෙන් බේරා ගන්න තිබුණු නොසැලෙන එඩිතරකම ඉදිරියේ ප්රභාකරන් සහ ප්රභාකරන්ට උදව් කරපු රටවල් පරාජය වුන. ඔබට ආපු පීඩනයට, තර්ජන වලට වෙන ජනාධිපති කෙනෙක් නම් යුද්ධේ නවත්තනවා. ඔබට විරුද්ධව ජාත්‍යන්තරය උසිගැන්නුවේ ඒකාලේ හිටපු දේශද්‍රෝහී විපක්ෂනායකයා සහ ඔහුගේ පක්ෂය. ඔවුන් වැරදි තොරතුරු දුන්න පිටරටට මානව හිමිකම් කඩකලා කියල. යුරෝපා සංගමයට ගිහින් GSP නැවැත්තුවේ රනිල් සහ මංගල. ඔවුන් බලයට ආවෙත් ඔබට විරුද්ධව ජාත්‍යන්තරය එක්ක එකතු වෙලා. කොල්ලන්ට නවතිනතුව යුද්ධ කරන්න හයියක් ලැබුනේ ඔබේ පෞරුෂය නිසා. තුවාල වෙලත් සොල්දාදුවෝ ඔබට කිව්වා යුද්ධේ නවත්තන්න නම් එපා සර් කියල. මතකද?
Reply : 0 11
උපුල් Wednesday, 12 September 2018 03:44 PM
සරත් ෆොන්සේකා වගේ යුද හමුදා පතිවරයෙක් හිටියෙ නැත්තං කවදාවත් මේ යුද්ධෙ අවසන් කරන්න මහින්දට තනියෙන් බැහැ. එකනේ ගෝඨාභයට නාරායන් කියලා තිබුණෙ, “ඔබට ඉන්නෙ ලෝකයේ හොඳම හමුදාපතිවරයා ...“ කියලා... හැබැයි ඔබ එදා ඉඳලා කළේ, යුද ජයග්‍රහණයේ කීර්තිය තනියෙන් ගන්න එක...
Reply : 0 0
rocky Wednesday, 12 September 2018 04:56 PM
චම්පෝ, නිකම් පරවේණි වහල් මානසික තත්වයෙන් ඔබ දොඩවනවා වුනාට අපට අමතක නැහැ. 1. සේවින්ස් හම්බන්තොට පලහිලවුව. (2) කරුණ අම්මාන් භේද වීම. (3) මාවිල් ආරු ප්රශ්නයේදී බවුද්ධ ස්වාමීන් වහන්සේලාත්, ජේ.වී.පී එකත් දැඩි ලෙස කියා නොසිටියා නම් මහින්ද කවම දාවත් යුද්ධයකට කට නොයා ඉන්න ඉඩ තිබුන. කොහොම වුනත් ඒ වෙනවිටත් එල්.ටී.ටී.එක වැටිලා තිබුනේ දුර්වල තත්වයක. යුද්ධය දිනුවේ හමුදාව ෆොන්සේකාගේ නායකත්වයෙන් යුද්ධ කරපු නිසයි. මහින්ද ජනාධිපති වෙලා හිටියා විතරයි. ඔහුට යුද්ධයට එකඟ වෙන්න අන්තිමේදී සිද්ධ වුන!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

