1952 දී මෙරටට ගනේවූ බ්‍රිටිෂ් ලේලන්ඩ් වර්ගයේ තට්ටු දෙකේ බස්රථයක්ර ප්‍රතිනිර්මාණය කළ මගී ප්‍රවාහනයට එක් කළේය. ඒ අද පැවැති ගමට අගයක් මගී ජන මිතුරු සේවාව සහ ප්‍රදර්ශනයේදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී ජනමිතුරු සේවාව සහ ප්‍රදර්ශනය ආරම්භ කරමින් අමල් පියතිලක නිර්මාණය කළ නව නිපැයුම් වීල් මාස්ටර් නව රථය හෙවත් වැඩිදියුණු කළ අත් ට්රැක්ටරයද ජනගත කෙරෙණි.
“ප්‍රවාහන අමාත්‍යාංශය කියන්නේ මහජනතාවට සමීපතම අමාත්‍යාංශය. නමුත් අපි අපේ සේවාව තවත් ඉදිරියට ගෙනි යන්න ඕන. විශේෂයෙන්ම තවමත් පාසැල් වෑන්රථ හා ත්‍රීවිල් රථ නියාමනය වෙන්නේ නැහැ. මගියෙක් දුම්රියපොළට ගියාම අවශ්‍ය පහසුකම් නැහැ. තවමත් අපි යන්නේ ලොරි චැසි ගැසූ බස්වල. මේ නිසා ප්‍රවාහනයේ විශාල පෙරළියක් අපි කළ යුතු වනවා. එයට අවශ්‍ය පසුබිම දැන් අපි සකසමින් යනවා”

