පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතී මේ වන විට සකස් කරමින් තිබෙන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (19) අධිකරණ පරිශ්‍ර තුළ ඇති නඩු භාණඩ වශයෙන් පවතින රථ වාහන, දැව ,රාජ සන්තක කරන ලද හිමිකම් නොපාන බහාලුම් සහ රාජ සන්තක කරනු ලබන වැලි බොරළු සහ පස්, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රයට අනුව සුදුසු පරිදි නිශ්කාෂනය කිරීමට පෙර ඡායාරූප ගත කිරීම සදහා ඩිජිටල් කැමරා උපකරණ ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,
ඒ සදහා වු නීති අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය එක්ව සකස් කරනවා.පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් යාම පිළිබදව විවිධ අදහස් පළ වෙනවා.පළාත් සභා මැතිවරණය වසර ගනණාවකින් පැවැත් වුයේ නැහැ .ඒ නිසා ජනතාවට අවශ්‍ය සේවය සිදු කර ගන්න බැහැ.පළාත් සභා වලින් වන සේවය පිළිබදව පළාත් සභා ඕන ද නැද්ද කියන එක වෙනම කාරණයක් වන බැවින් ඒ පිළිබදව වෙනම සාකච්ඡා කළ යුතුයි.ඒත් පවතින නීතියට අනුව පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අපි පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම කටයුතු කරන බව කිව යුතුයි.ඒ සදහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කරමින් තිබෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.



