පළාත් සභා මැතිවරණය කල් දැමූවේ රනිල් - SB
පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට කටයුතු කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
නිවැරදිව සකස් කළ සීමා නිර්ණ වාර්තා හිටපු අගමැතිවරයා ඇතුළු පිරිස විසින් විකෘති කරන ලද බවත්, ඉන්පසුව එම වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඉදිරිපත් කළ බවත් ඔහු පවසා සිටියේය.
සීමානිර්ණ වාර්තා යෝජනාව ඉදිරිපත් කළේ විෂය භාර අමාත්‍යවරයා විසින් බවත්, ලෝක ඉතිහාසයේ පළමු වතාවට යෝජනාව ඉදිරිපත් කළ ඇමතිවරයාද යෝජනාව පරාජයට පත් කිරීමට ඡන්දය ලබාදුන් බවත් ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සමගිය ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවැනි දෙයක් සිදු කළ බවද ඔහු පවසා සිටියේය.
ඉන්පසුව සීමානිර්ණ වාර්තාවේ ගැටලු විසඳීම සඳහා හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බවත්, එම කමිටුවේ නිල කාලය මාස දෙකක් වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
එහෙත් නිල කාලය අවසන් වනතුරු වාර්තාවක් ලබාදීමට කටයුතු නොකළ බවත්, මේ නිසා වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා දින දෙක තුනක් තුළ සීමානිර්ණ ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිත බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ නිසා ඉතාමත් ඉක්මනින්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බවද හෙතෙම පවසා සිටියේය.

popular news
-
chathuri Thursday, 08 November 2018 05:47 PM
මෙයා කරන. වැඩ. අනුව. තාව කාලික හරි. පත්වීම ලැබුනා , බිලි බාන එකනේ කරන්නේ අඩි පහක්. වත්. උස නැතිව. ඇති , ලජ්ජා. නැතිව මුන්. ඇමතිකම්. ගන්නවනේ. , අද. රනිල්ට වුන දේ මහින්දට. වුනානම්. කොහොමද . මුන්ගේ. තුනෙන්. එකක් තමයි. බලන්න. වෙන්නේ , මුන් එකකුටවත් තුනක්. නැහැ තියෙන. එකත්. පෙන්න ගන්න. බැරුව. ඉන්නේ. , බලයට අපු හැම පාලක. ගේම. රෙදි. ගලවපු. මිනිහෙක්. මේ. මුන්ගේ රෙද්ද. ගලවන්න. වැඩි. ආතක්. නැහැ කොන්දක් නැති. පක්ෂයක් , වැඩ කරන්න. නෙමේ. එන්නේ. බොක්ක. පුරවා ගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

