පළාත් සභා තුනක නිල කාලය ලබන ඔක්තෝබරයේ අවසන්
තවත් පළාත් සභා තුනක නිල කාලය මාස එක හමාරකින් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මස 08 වැනිදා ද, වයඹ පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් 10 වැනිදා ද, උතුරු පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් 24 වැනිදාද අවසන් වීමට නියමිතය.
මෙම පළාත් සභා තුනේ මැතිවරණය 2013 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්විණි.මේ අතර උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් විය.
තවත් පළාත් සභා තුනක නිල කාලය ලබන වසරේ අවසන් වීමට නියමිතය. ඒ අනුව දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ අප්‍රේල් 10 වැනිදාද, බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් මස 21 වැනිදා ද අවසන් වීමට නියමිත අතර, ඌව පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ සැප්තැම්බර් මස 08 වැනිදා අවසන් වීමට නියමිතය.
දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ තවත් මාස එකහමාරකින් නිල කාලය අවසන් වන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන දිනය කවදා ද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)

popular news
-
Champa Sunday, 26 August 2018 06:28 PM
කොන්දක් තියෙන නායකයෙක් රටේ ඊළඟ ජනාධිපති වෙලා මේ පළාත් සභා අහෝසි කරලා දාන්න ඕනේ. පළාත් සභා ගෙනාවේ ඉන්දු ලංකා ගිවිසුම අනුව ප්රභාකරන් ආයුධ අරන් කරන සටන නවත්තන්න. අහිංසක මිනිසුන් මරණ එක නවත්තන්න. ආයුධ බිම තියන එක එක කොන්දේසියක් LTTE එකට දාපු. හැබැයි ප්රභාකරන් කවදාවත් ආයුධ බිම තිබ්බේ නැහැ. පළාත් සභා වලින් දීපු දේශපාලන විසඳුම පිළිගත්තේ නැහැ. 2009 මහින්දට LTTE පරද්දන්න එඩිතර කමක් තිබුනට, ඊට පස්සේ පළාත් සභා අහෝසි කරන්න කොන්දක් තිබ්බේ නැහැ. ඒ වෙලාව තමයි පළාත් සභා අහෝසි කරන්න තිබ්බ හොඳම වෙලාව. අනාගතේ කවදාවත් ෆෙඩරල් රාජ්‍ය, ජාතිවාදය, බෙදුම්වාදය ඇති නොවෙන්න නම් පළාත් සභා අහෝසි වෙන්නම ඕනේ. ප්‍රාදේශීය සභා කියලා ජාතියක් ආවෙත් පළාත් සභා නිසා. අනිත් පැත්තෙන් බලන කොට මේ දෙකම සුදු අලි. වංචාවේ දූෂණයේ තෝතැන්නවල්. මේවට නඩත්තුවට, සභිකයන්ගේ වැටුප් වලට, යාන වාහන ආදියට, පුටු වලට වියදම් කරන සල්ලි මහා ජාතික අපරාධයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

