පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාර ගැන දේශපාලන පක්ෂවල අදහස් ගනියි
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.
ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අකිල ඉලංගෙයි මහජන කොංග්රසය නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්රී තාහිර් මරික්කාර් මහතා ද, නව නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නුවන් බෙල්ලන්තුඩාව මහතා ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්තිරන් මහතා ද සිය පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්රමය සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
මෙම රැස්වීමට නියෝජ්ය අමාත්යවරුන් වන මුනීර් මුලාෆර් සහ නීතිඥ සුනිල් වටගල මෙන්ම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, ධර්මප්රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි සහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

