පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදි අක්‍රමිකතා වැළැක්වීමට පියවර
ලබන වසරේ දී රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට හා අතරමැදි ශ්‍රේණිවලට ළමයින් ඇතුළත් කිරීමේ දී ඇතිවිය හැකි අක්‍රමිකතා මැඩළීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විදුහල්පතිවරු දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර තිබේ.
අල්ලස්, දූෂණ හා වෙනත් අක්‍රමිකතාවලින් තොරව චක්‍රලේඛ ප්‍රකාරව විනිවිද පෙනෙන ආකාරයෙන් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක් ම ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
ලබන වසඩර් පළමුවැනි ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ආදි ශිෂ්‍ය නියෝජිත හා සංවර්ධන සමිති නියෝජිත සහ එම මණ්ඩලයේ සභාපති වශයෙන් විදුහල්පතිවරයා ද මේ වැඩසටහනට සහභාගීවීම අනිවාර්යය වේ. ප්‍රාථමික ශ්‍රේණි නොමැති පාසල්වල විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන) ද සහභාගී වියයුතු බවත් ඔවුනට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

