පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීමේ චක්‍රලේඛය සංශෝධනය කළ යුතුයි
පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනිම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් පසුගිය කාලය මුළුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කොට භාවිතා කළ චක්‍රලේඛයේ අතාර්කික මෙන්ම අසාධාරණ කරුණු කිහිපයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිගමනය වි තිබේ.
පළමු වසරට ළමයින් බඳවා ගැනීමේ ජාතික උත්සවය සඳහා මාතලේ‚ විල්ගමුව‚ නාගොල්ල ප්‍රාථමික විදුහලට පසුගිය සිකුරාදා පැමිණි අවස්ථාවේ දී ගම්වාසී දෙමවුපියන් රාශියක් පැමිණ චක්‍රලේඛයේ මෙම අගතිගාමි කරුණු අවධාරණය කළ අතර, එහි සිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ද චක්‍රලේඛය ප්‍රායෝගිකව නොගැළපෙන බව තහවුරු කරන ලදී.
විශේෂයෙන් මවුපියන්ගේ ස්ථිර පදිංචිය තහවුරු කිරිම සඳහා ස්ථීර ඔප්පුව වෙනුවට රජයෙන් ලබාදි ඇති බලපත්‍රය නොසලකා හැරිම සහ මවුපියන් දෙදෙනාගෙන් කෙනෙකුගේ පාරම්පරික වාසභූමි පදිංචිය නොසලකා හැරිම තුළින් දරුවන් පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බවට පැමිණිලි රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුව තිබේ.
දැනට ලෝක අධ්‍යාපන ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගි වෙමින් සිටින අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා, එම සමුළුවේ සිටියදීම අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ දැනට ක්‍රියාත්මක චක්‍රලේඛය ලංකාවටම පොදු බැවින්, ප්‍රාදේශීය වශයෙන් පවත්නා ඉඩම් ගැටලු, බලපත්‍ර හා ඔප්පු ලබා දීමේ ප්‍රමාදයන් ආදිය ද සැලකිල්ලට ගෙන 2021 වර්ෂයේ නව චක්‍රලේඛය නිකුත් කරන ලෙසයි.

-
denin Tuesday, 21 January 2020 07:23 AM
මෙතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වසයෙන් මේ ගැටළු කලින් පෙන්වා දුන්නේ නැද්ද ඔය චක්ක්රලේඛනය නිකුත්කළ කාලයේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

