ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් හෙට (06දා) සිට තවදුරටත් වර්ධනය වේ යැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද දිනයේද සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද ඔවුන් සඳහන් කරයි.
වයඹ, මධ්‍යම, උතුරු-මැද, ඌව හා සබරගමුව පළාත්වල හා මන්නාරම දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් ප්‍රකාශ කරයි.
එසේම බස්නාහිර,දකුණු හා උතුරු වෙරළබඩ ප්‍රදේශවල තැනැන් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබවද ඔවුන් සඳහන් කරයි.
