පලාලි සිට ඉන්දියාවේ නගර 4ට ගුවන් ගමන්
ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනිමෝෂි කරුණානිධි මහත්මිය ප්රමුඛ ඉන්දියානු මධ්‍යම රජයේ හා තමිල්නාඩු කේරල ප්‍රාන්තවල නියෝජිතයන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (13දා) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සිහිපත් කළ ඉන්දියානු දූත පිරිස දෙරට අතර පවතින සබදතාව තව දුරටත් වර්ධනය කරගත යුතු බව පෙන්වා දුන්හ.
පලාලි කලාපීය ගුවන්තොටුපල හා ඉන්දියාවේ නගර 04ක් අතර නොදුරු අනාගතයේදී ආරම්භ වීමට නියමිත සෘජු ගුවන් සේවාව හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාවට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ද සහභාගි විය.

popular news
-
Champa Sunday, 15 September 2019 07:26 PM
What is going on here? Very suspicious.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

