එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට පලාලි ගුවත්තොටුපළින් කලාපීය ගුවන් ගමන් ආරම්භකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා 'අද' පුවත්පතට පැවසීය.
පලාලි ගුවන්තොටුපළ ජාත්යන්තරගුවන්තොටුපළක් බවට පත්කිරීමේ වැඩකටයුතු මේදිනවල සිදුකරගෙන යන බවත්,එහි ආරම්භක පියවරක් ලෙස කලාපීය ගුවන්ගමන් ආරම්භකරන බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව ඉන්දියාව ඇතුළු කලාපීය රටවල ගුවන්යනා පලාලි ගුවන්තොටුපළවල වෙත ගෙන්වා ගැනීම සඳහා පලාලි ගුවන්තොටුපළෙන් කලාපීය රටවල් සඳහා ගුවන්ගමන් ආරම්භ කිරීම සැප්තැම්බර් මාසයේ සිට සිදුකිරීමට නියමිතය.
