වන විනාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම මණ්ඩලයක්, කොමිටුවක් හා විශේෂ බලකා හමුදා කණ්ඩායමක්ද පිහිටුවා ඇති අතර නාවික හා ගුවන් හමුදාවේ ආධාරයෙන් හා උපකාරයෙන් ද නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාරි සෞග්යා වැඩසටහන සමගාමිව කොලාන්නාව ආසනයේ පැවැති නිල උත්සවයේදි මාධ්‍යවේදින් පරිසර විනාශය සම්බන්ධයෙන් නැගු පැනයකට පිළිතුරු ලබා දෙමිනි.