පරිවාර රථ ගන්නේ නෑ
තමන්ගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් නොකරවන බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
වියදම් සීමා කිරීම වෙනුවෙන් ජනපති ගේඨාභය රාජපක්ෂ මහතා ආදර්ශ ලබා දී ඇති බවත් ඔහු ගමන් කරන අවස්ථාවේ ධාවනය වන්නේ වාහන 4ක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් අමාත්‍යාංශය ඉදිරියේ නවීන වාහන කිහිපයක් නවතා ඇති නමුත් ඒවා භාවිතයට ගැනීමට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී මාධ්‍ය වේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා.
Q අමාත්‍යාංශයේ වාහන 10ක් විතර විනාශ වෙන්නට ඉඩ හැර තිබෙනවා. මේ ගැන ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
A මේ අමාත්‍යාංශය අමාත්‍යාංශ කිහිපයක් එකට එකතුවෙලා තිබුණ අමාත්‍යාංශයක්. ඉතිහාසයට දෝෂ කරන්නවත් වෛර කරන්නවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. අද අපිට යන්න වාහනයක්වත් නෑ මේ අමාත්‍යාංශයේ. ඒක තමයි තියෙන තත්ත්වය.
ඔබ දකිනවා ඇති තියෙන වාහන. නමුත් ඔය එකක්වත් භාවිත කරන තත්ත්වයක නෑ. අපි බලාපොරොත්තුවෙනවා ජනපති ලේකම් කාර්යාලයෙන් හරි වාහනයක් දෙයි කියලා. මොකද දුවන්න වාහනයක් අපිට නෑ. ඒ වගේ තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ.
ඒ ක්‍රියාමාර්ග ගැන අපි අනාගතයේදී තීරණය කළ යුතුයි. ඉතිහාසයට බැනලා කවදාවත් ඉදිරියට යන්න විදිහක් නෑ.

popular news
-
Wimal Wednesday, 04 December 2019 02:01 PM
Why dont you use a an UBEr vehicle , you can save the drivers salary too.After all there is nothing for you todo. You ruin the crcket srilanka and this ispay backtime.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

