අපි මොනම හේතුවකටවත් අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන්න ඉඩ නොතබන බවත් අපේ රටේ වු දේවල් සිද්ධි වලට අපේ රටේ නීතිය අනුව පරීක්ෂණ පවත්වන්න අපේ රටේ හොඳ අධිකරණයක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්රතිංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ අද (25) බත්තරමුල්ල පැවති 2019 වසරේ ජාතික සමථ දින උත්සවය අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය ,
"අද වන විට සමථ මණ්ඩල කටයුතු අපේ රට තුළ සාර්ථකව සිදු වෙනවා. පසුගිය වසරේ ඉල්ලීම් කිහිපයක් සමථ මණ්ඩලයට ඔබගෙන් ආවා. ඒවා මේ අවුරුද්දේ ඉටු වෙයි. පසුගිය වසරේ අපි බලාපොරොත්තු වුණු නැති තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණා. දේශපාලන කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න සිදු වුණා. ඊට පස්සේ අපි වැඩ කර ගෙන යන කොට ආගමික කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න සිදු වුණා.
ඒ සියල්ලට අපි රජයක් ලෙස මුහුණ දුන්නා. සමථ මණ්ඩල සභිකයින් ලෙස ඔබ ඉතා විශිෂ්ට සේවයක් සිදු කරනවා. ඒ සේවය අපි හැමවිටම අගය කරනවා. අද වන විට අධිකරණවල නඩු හත් ලක්ෂ පනස් දහසක් අධිකරණවල විභාග වෙනවා. ඒ සදහා විසදුම් ලබා දි ජනතා අසහනය අසාධාරණය පාලනයට උත්සාහ ගෙන තිබෙනවා.
ඔබ ලබා දෙන දායකත්වය නොමැති වුණා නම් හත් ලක්ෂ පනස් දහසක් වන නඩු ලක්ෂ 10 කටත් වඩා වැඩි වෙන්න ඉඩ තිබුණා. සමථ මණ්ඩල පිළිබදව විවිධ පැමිණිලි එනවා. ඒවා සමථ මණ්ඩල කොමිෂන් සභාව විසදනවා. ඒ අයගේ කටයුතු අද දේශපාලන බලපෑම් වලින් තොරව සිදු වන බව කිව යුතුයි. අපි ජීවත් වන විට තවත් මිනිසෙක් තවත් ජාතියක් තළා පෙලන්න හොඳ නැහැ. සාමකාමී පරිසරයක් රට තුළ නිර්මාණය කිරිමට ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍යයි.
නීතිය පාසල් විෂය නිර්දේශය සඳහා ඇතුළත් කිරිමට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු කිරිමට පියවර ගෙන තිබෙනවා. වර්තමානය වන විට මත්ද්‍රව්‍ය උවදුර විශාල ප්‍රශ්නයක් ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ උවදුරෙන් රට මුදවා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරන්න වෙලා. මේ මත්ද්‍රව්‍ය නිසා සිරගතව වෙන අය බන්ධනාගාරගත වුණහම පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා. ඒ සඳහාත් මුදල් අමාත්‍යතුමා අපිට අවශ්‍ය අනුග්‍රහය ලබා දී තිබෙනවා.
හෙට අනිද්දා දඩ සම්බන්ධයෙන් පනතක් එනවා. මේ දඩ එදා ඉංග්‍රිසි ආණ්ඩුව පැවති සමයේ ඒවා තියෙන්නේ. මේ නව පනත ආවහම වැරදි කරන සංඛ්‍යාව තවත් අඩු වෙයි. ඒ වගේම පාසල්වල නීතිය උගන්වන්න පටන් ගත්තහම තවදුරටත් සමාජය යහපත් බවට පත් වෙයි.
කවුරු මොන විදිහේ නැති දෙයක් මවන්න හැදුවත් අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ආවේ යහපාලනය උදා කරන්න අධිකරණයේ ස්වාධිනත්වය මානව හිමිකම් මාධ්‍ය නිදහස නැති කාලයක 2015 ජනවාරි 08 වැනිදා නව රජය බලයට ආවා. අපි මේවා ඇති කරලා එන කොට යුරෝපා සංගමය ආසියා පදනම වැනි අය අපට උදවු කළා. ඒ උදවු අපි ගන්නේ අපේ ස්වාධීනත්වය ඇතිවයි. අපි දියුණු වෙන රටක් ලෙස යුරෝපා සංගමය ආසියා පදනම අපිට උදවු කරනවා . ඒ වගේම මම වගකීමෙන් කියනවා අපි මොනම හේතුවකටවත් අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ රටේ වු දේවල් සිද්ධි වලට අපේ රටේ නීතිය අනුව පරීක්ෂණ පවත්වන්න අපේ රටේ හොඳ අධිකරණයක් තියෙනවා. එහෙම හැකියාවක් අපිට තියෙනවා. අද දේශපාලනය ඉස්සරහට දාගෙන වැරදි චිත්‍රයක් මවන්න හදනවා අපේ රටේ මේ පරීක්ෂණ කෙරෙන්නේ විදේශ රටවලට ඕන විදිහට කියලා. එහෙම අපි ඉඩ දෙන්නේ නැහැ. මම වගකීමෙන් කියනවා අපි රජයක් ලෙස ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා . නාය ගියා ගංවතුර ආවා. මේ හැම එකටම මුහුණ දෙන කොට බෝම්බ ගැහුවා. කුමන්ත්‍රණයක් ආවා. ඒ හැම දේකටම අපි මුහුණ දුන්නා" යනුවෙන් මන්ත්රමිය වැඩිදුරටත් සඳහන් කළාය.
