පරාක්‍රමබාහු රජ දවසේත් බදු අය කළා - අගමැති
අතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ සිරිත මිහිදු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ ගමේ පන්සලට පුද පූජා පැවැත්වීම දක්වා වෙනස් වුණා. අතීතයේ ඒ ආකාරයට ශිෂ්ඨාචාරය පමණක් නොව ආර්ථිකයත් හැඩ ගැසුණා.
ඒ හරහා විශාල ලෙස ආදායම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ වගේම ඒ කාලයේ ජනතාවගෙන් බදු එකතු කිරීමත් සිදු කළා. ඒ හරහාත් විශාල ලෙස ලාභ ලැබුවා.
වර්තමානයේ බදු පණවන විට ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර අතීතයේ රජ දවස පරාක්‍රමබාහු රජතුමාත් බදු පැනවූ බව සිහිපත් කර ගත යුතුයි.”

popular news
-
Champa Sunday, 07 April 2019 07:04 PM
මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ පිටින් දාල එදා පාර කෘෂිකර්මාන්තයටත් අලුත් බද්දක් ගහන්න වගේ යන්නේ.
Reply : 1 0
Champa Sunday, 07 April 2019 08:05 PM
මේ කතාවේ වැරදි ගොඩක් තියෙනනවා. (1) පලවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලේ මනා ආර්ථික සැලැස්මක් සහ ස්ථිර විදේශ ප්‍රතිපත්තියක් තිබුන. රට ස්වයංපෝෂිතව තිබුන. සහලුත් පිටරට යැව්වා. ජනතාව ධනවත්. ඒ හින්ද අයබදු, වෙළඳ බදු අය කළා මිනිස්සුන්ට හිරිහැරයක් නොකර. පුරාණයේ බදු අය කරපු හැටි බුදුගුණ අලංකාරයේ මෙහෙමයි කියන්නේ : "රොන් අරගෙන සෙමින් - යන බිඟු ලෙසින් තුඩුමින් - ලොවට දුක් නොදෙමින් - ගනිති අය පඳුරු පෙර නියමින්." දැන් එහෙමද? ධනවතා බදු වංචා කරනවා. ඇත්ත ආදායම පෙන්නන්නේ නැතුව බොරු අදායමක් පෙන්නනවා. ආණ්ඩුව දුවන්නේ දුප්පතා තලාපෙලා බලහත්කාරෙන් අයකරගන්නා බදු වලින්. සුද්දන්ට රට අයිති වෙනකම් ලංකාවේ ඒ කාලේ ජනතාව ධනවත්. සුද්ද බ්‍රිතාන්‍යට කියල යවනව මේ රට යටත් කරගන්න අමාරුයි. මිනිස්සු හුඟක් ධනවත්. ඒ හින්ද ඔවුන් ආඩම්බරයි. 1798 ලන්දේසි ප්‍රදේශ අයිති කරගත්ත ඉංග්‍රීසි සුද්ද,1803 නුවර ආක්රමණයත් අසාර්ථක වෙලා පස්සේ රටම අයිති කර ගන්නේ 1815, අවුරුදු 17 කට පස්සේ, ඒකත් හොර ගිවිසුමකින්. ඊට පස්සේ මිනිස්සුන්ට උහුලන්න බැරි තරම් බදු ගැහැව්වා. අද කළු සුද්දෝ බදු ගහන්නේ පරාක්‍රමබාහු ක්‍රමයට නෙමෙයි සුද්ද වගේ හිත්පිත් නැති විදි
Reply : 1 12
Champa Sunday, 07 April 2019 09:30 PM
(2) ඊළඟ වැරදි කතාව. දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ සිරිත කවදාවත් වෙනස් වුනේ නැහැ. අනිත් එක චෛත්‍ය වන්දනාව පටන් ගත්තේ මිහිඳු හාමදුරුවෝ ලංකාවට එන්න හුඟක් කලින්. ලංකාවේ මුල්ම ස්ථූපය, ඝනක 7ක් උස (ඝනකයක් = අතක වැලමිටේ සිට ඉදිරි කොටස = 18") මහියංගන ස්ථූපය හැදුවේ යක්ෂ සහ නාග වංශිකයන් අතර සමගිය ඇති කරන්න සුමනසමන් කුමාරයාගේ ආරාධනාවට වැඩම කරපු බුදු හාමුදුරුවෝ ඒ ගමන සිහි වෙන්න දුන්න කේශ ධාතු නිදන් කරලා. ඒ වෙලාවේ යක්ෂයන්, රාක්ෂයන් සහ කැලණියෙන් ආපු මණිඅක්ඛික නාග වංශික රජ්ජුරුවොත් බුදු දහම වැළඳ ගත්ත. බුදු හාමුදුරුවන්ගේ තුන්වෙනි ගමනේදී සුමන කූඨය මත සිරි පතුල තියල ඒක බලාගන්න සුමනසමන් කුමාරයාට පැවරුවා කියල ඉතිහාසය කියනව. ඊට පස්සේ කුමාරය මිය ගිහින් සමන් දෙවියෝ විදිහට ඉපදිලා මිනිස්සුන්ගෙන් වැඳුම් ලබනවා. කතරගම දෙවියෝ කියන්නේ බුදු හාමුදුරුවෝ 580 BC තුන්වෙනි වර ලංකාවට ඇවිල්ල කතරගමට වැඩම කරපු වෙලාවේ බුදු දහම වැළඳගත්ත දකුණේ රජකළ රණශූර මහාසේන රජු. පස්සේ කිරිවෙහෙර හැදුවේ බුදුහාමුදුරුවෝ බණ කියපු තැන ඒ පුටුව, කේශ ධාතු සහ සිද්ධාර්ථ කුමාරය හිස් කෙස් කපපු රන් කඩුව නිදන් කරල කියලා පැරැන්නෝ කියනව. කතරගම දෙවියෝ කියල ව
Reply : 1 22
Kumar Thursday, 11 April 2019 08:37 PM
පරාක්‍රමබාහු රජතුමා ඔය මහා වාරි කර්මවල දී සිටිය අයට වැටුප් ගෙව්වේ නැද්ද? වහල් ක්‍රමයට ඒ කටයුතු කලා නම් මුදල් අවශ්‍ය නැහැ.. එසේ නැතිනම් බදු අයකරන්න වෙනවා. මම මොනපක්ෂයටවත් ඇදල කතාකරනවා නොවේ. ලෝකේ මොන දෙයක් හැදුවත් එකට අයත් වියදමක් තිබෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

