ප්‍රංශයේ පැරිස් කලාපයේ දෛනික නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මාසය ආරම්භයේදී මෙන් හය ගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අධිකාරිය ඊයේ (18දා) නිවේදනය කළේය.
කෝවිඩ්-19 වෛරසය මර්සෙයිල් කලාපයේ ඉතා තියුණු ලෙස වර්ධනය වී ඇති අතර, පසුගිය දින 7 තුළ පදිංචිකරුවන් 100,000කින්, 78ක් ධනාත්මක සිද්ධීන්, මෙම මාසය ආරම්භයේදී 46ක් ලෙස දැක්විණි. ප්‍රංශ බලධාරීන් පෙන්වා දුන්නේ වෛරසය පැරිස් නගරයේ සහ මර්සෙයිල්හි සක්‍රීයව සංසරණය වන බවයි.
අගෝස්තු 8 සිට 14 දක්වා කාලය තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් 2.9%ක් ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති අතර මෙය විශේෂයෙන් අවුරුදු 25-35 අතර ළමයින් අතර කැපී පෙනෙන වර්ධනයක් බවද පෙන්වා දෙයි.
ඒ අතරම, කොවිඩ්-19 සඳහා රෝහල් ගත කර ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව සති 3 ක් තිස්සේ ඉහළ යමින් පවතින අතර, විශේෂයෙන් වයස අවුරුදු 40 ට අඩු අය ඒ අතර වැඩි බවත් සඳහන් වෙයි.
වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් කිසිදු රෝග ලක්ෂණයක් නොතිබූ නමුත්, ඔවුන්ගේ සමීප සම්බන්ධතාවන් හරහා කොවිඩ්-19 වෛරසය ඔවුන්ට සම්ප්‍රේෂණය වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.