ප්‍රංශයේ පෙර දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 10,593ක් ලියාපදිංචි කරමින් නව දෛනික වාර්තාවක් තබා ඇති අතර, මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ දමා තිබේ.
මීට පෙර වාර්තාව දෛනිකව නව ආසාදිතයන් 10,561ක් වන අතර එය සැප්තැම්බර් 12 වැනි දින වාර්තා විය.
රජය විසින් කොවිඩ්-19 පරීක්ෂාව නොමිලේ ලබා දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය පුරා නගරවල පරීක්ෂණ මධ්‍යස්ථානවල දිගු පෝලිම් දැකගත හැකි බව විදෙස් වාර්තා පවසයි.