ප්‍රංශය තුළ නව කොරෝනා වෛරසය සංසරණය වීම ප්‍රබල ලෙස ඉහළ යන බවට එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අගෝස්තු 15 සිට 21 දක්වා සතියේ දී කොවිඩ්-19 සඳහා වූ පරීක්ෂණවලින් 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. කෙසේ වෙතත් මෙම ගිම්හානය ආරම්භයේ දී එය පැවතී ඇත්තේ 1.4%ක අගයකය.
වසංගතය ආරම්භයේ සිටම ප්‍රංශයේ මේ දක්වා ආසාදිතයන් 282,414ක් සහ මරණ 30,533ක් වාර්තා වී ඇති අතර ගෙවීගිය දිනය තුළ පිළිවෙලින් ආසාදිතයන් හා මරණ 1,955ක් සහ 15ක් වාර්තා වී තිබේ.
අවම වශයෙන් කොරෝනා වෛරස රෝගීන් 4,690 ක් දැනට රෝහල් ගත කර ඇති අතර, දැඩි සත්කාර ඒකකයේ 399ක් පසුවෙයි.